තොග වෙළදාම සදහා පමණක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හෙට සිට යළිත් විවෘත කෙරේ !

0
95

peliyagoda fish market( 5.00 pm ) පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තොග වෙළඳාම සඳහා  හෙට (25) දිනයේ සිට යළි විවෘත කරන බව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳුන්ගේ සංගමය පවසන බව අද දෙරණ වෙබ් අඩවිය වාර්ථා කර සිටියේය. තවදුරටත් එහි සදහන් වන්නේ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු ලබාගත් පිළියන්දල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකු හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වීමත් සමඟ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වසා දැමීමට පසුගියදා තීරණය කළ බවය.

කෙසේවෙතත් PCR පරික්ෂණ සඳහා යොමුකළ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ වෙළඳුන්, සේවකයින් ඇතුළු 529දෙනාට කොවිඩ්-19 වෛරසය ආසාදනය වි නොමැති බවට දැන් තහවුරු වි ඇත.

පොලිස් අධික්ෂණය මත පෝලිමේ සිටින ජනතාව

මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකිර්ණය වසාදැමිමත් සමගින්  මිගමුවේ ලෙල්ලම් කරා ඒ ඇතැම් ගැනුම්කාරයන් පැමිණිමට පටන් ගැනිමත් සමගින් මිගමුවේ ලෙල්ලම් පවත්වාගෙන යාමට අදාල පොලිසිය විසින් සිමාවන් පැනවිමට ඊයේ දිනයේ කටයුතු කර තිබුණි. ඒ අනුව මංකුලියේ පිහිටි ලෙල්ලම් 3 න් 1 ක් ලෙල්ලමක් පමණක් ක්‍රියාත්මක කරන පොලිසිය ඊයේ දැනුම් දි තිබුණි.

ලෙල්ලම් පිහිටි ප්‍රදේශය අද පාලුවට ගොස් තිබුනු අයුරු
දූව ලෙල්ලම

එහෙත් පවතින අවදානම් තත්වය හමුවේ ලෙල්ලම් 2 කක් වසා තිබියදි තමන් පමණක් මාළු වෙළදාමේ නිරතවිම නොකළ යුතුයැයි තින්දු ගැනිමත් සමගින් දූව පල්ලියට අයත් ලෙල්ලමද අද සිට වසාදැමිමට පියවර ගෙන තිබේ.
රජය විසින් ධිවර ක්ෂේත්‍රය අරභයා නිසි සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට පියවර නොගැනිම නිසා මේ වන විට බරපතල අර්බුදයක් නිර්මාණය වි තිබේ.ඊයේ දිනයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධිවර ව්‍යාපාරිකයන් කියා සිටියේ ධිවරයන්ගේ මත්ස්‍ය අස්වැන්න ධිවර සංස්ථාව මගින් මිළදි ගෙන එය නිසි ලෙසින් බෙදා හැරිමට වැඩපිලිවෙලක් සැකසිම මත පමණක් මේ ප්‍රශ්ණයට පිළිතුරු සෙවිය හැකිව ඇති බවය.

.