”තොරතුරු සතිය” සමගාමීව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජනතාව දැනුවත් කෙරෙන විශේෂ වීදි නාට්‍ය ප්‍රදර්ශනයක් සැප් (21)පෙරවරුවේ කොළඹ ජාතික රෝහල අසලින් ආරම්භ විය..
මෙම වීදි නාට්‍ය ප්‍රදර්ශනය සවස කොළඹ දුම්රිය ස්ථානය අසළදී ද පැවැත්වුණ අතර තොරතුරු දැනගැනීමේ අයිතිය යන මැයින් නිෂ්පාදිත කෙටි චිත්‍රපට උළෙල ” ප.ව 4.30 සිට 7.00 දක්වා කොළඹ තරංගනී සිනමා ශාලාවේදී සංවිධානය කොට තිබුණි.
තොරතුරු සතිය වෙනුවෙන් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් සැප් (22) දිනයේදී ද ක්‍රියාත්මක කෙරුණ අතර වීදි නාට්‍ය ප්‍රදර්ශනය හෙට සැප් (23) දිනයේදී මීගමුව සහ ගම්පහ නගරයේදී පැවැත් වේ.
මෙම සතිය තුළ තොරතුරු දැනගැනීමේ සම්පත් මධ්‍යස්ථානය ගොඩනැගීම, පුහුණු වැඩසටහන් පැවැත්වීම , ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් හා තොරතුරු පනත සම්බන්ධයෙන් පුහුණුකරුවන් නිර්මාණය කිරීම ආදී කාර්යයන් රැසක් සිදු කිරීමට නියමිතය.
මුදල් හ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීමේ ඒකකය විසින් වැඩසටහන ක්‍රියාත්මක කරයි.
News.lk