තොරතුරු තාක්ෂණ විප්ලවයේ අපි කොතනද ?

0
93

2000 වසරේදී තමන් එකග වූ  UN Millennium Development Goals (MDGs) හි තොරතුරු තාක්ෂණය පිලිබද ව්‍යාපෘතියේ ප්‍රගතිය පිරික්සීම සදහා මේ වසරේදී ලොව පුරා සියලුම රාජ්‍ය නායකයන් කටයුතු කර ඇත. ඒ වසර 15ක් තිස්සේ සිදුකල සමීක්ෂණවල වාර්ථාවන් පිරික්සමින් තමන් වසර 15ක් පුරා දරූ ප්‍රයත්නයේ ප්‍රථිළුල පිළිබදව නිගමනයකට පැමිණීමය.

එම වාර්තාවන්ට අනුව 2000 වසරේදී  බිලියන 1කටත් වඩා අඩුවෙන් තිබූ ජංගම දුරකථන දායකත්වයන් 2015 වසර වන විට බිලියන 7 ඉක්මවා ඇත. එලෙසම මේ වන විට ලොව පුරා බිලියන 3.2ක් අන්තර්ජාලය භාවිතා කරන බවට හෙලිවී ඇති අතර ඉන් බිලියන 2ක්ම වාර්ථා වන්නේ සංවර්ධිත රටවල් වලිනි.
ඒ අනුව ලොව පුරා තොරතුරු තාක්ෂණය භාවිතය පිළිබදව ඇතිවී ඇති සංවර්ධනය අගය කරන එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් තවදුරටත් පවසන්නේ , තමන්ගේ අභිප්‍රාය වන්නේ මෙහි ප්‍රගතිය සෙවීම සදහා තත්වයෙන් ඉහල දත්තයන් හා සංඛ්‍යානයන් ඇතුලත් මෙන්ම ලොවපුරා වෙසෙන සියලුම දෙනා ඇතුලත් වන තොරතුරු වලින් පිරි සමාජයක් ගොඩනැගීම බවයි.
එමෙන්ම මෙලෙස ලොවපුරා තොරතුරු තාක්ෂණයට අදාලව විශාල දියුණුවක් ලබා ගැනීමට හේතූන් ලෙස තමන් දකින්නේ තාක්ෂණික දියුණුව,යටිතල පහසුකම් වල දියුණුව හා තොරතුරු තාක්ෂණයට සම්බන්ද උපකරණවල මිල අඩුවීම බවද තවදුරටත් ඔවුන් පවසයි.

පහතින් දැක්වෙන්නේ එක්සත් ජාතින් නිකුත්කල සමීක්ෂණ වාර්ථවන්ය.

 

 

 

 

 


මිතිලායා ගමගේ 

තොරතුරු –   International Telecommunication Union  තොරතුරු  ඇසුරෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here