තොරතුරු දැනගැනිමේ අයිතියට එරෙහි වන්නේ කව්ද…???

0
74

(උගත් පාඩම් සහ ප්‍රසංධාන කොමිසම් වාර්ථාවේ යහපාලනය අරභයා යෝජනා ගණනාවක්ම අන්තර්ගතය.තොරතුගැනිමට ඇති අයිතිය මේ එක් ප්‍රධාන නිර්දේශයක් වේ.තොරතුරු දැනගැනිමේ අයිතිය සහතික කිරිම සදහා නිති පැනවිය යුතුය යැයි එහි නිර්දේශයන් හි සදහන්ය.

එහෙත් මීගමුවේදි මේ තොරුතුරු දැනගැනිමට ඇති සිමිත ඉඩකඉඩට පවා එරෙහි වන්නට සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පැහැදිලිය. ආණ්ඩු පක්ෂයේ පවා මන්ත්‍රිවරයෙක් තමන්ව පත්කළ ජනතාවෙගේ පැත්ත ගෙන කටයුතු කරන්නේ නම් ඔහුගේ හඩ යටපත් කළ යුතු යැයි මේ බලවේගයන් තින්දු කර ඇති සෙයකි.

මේ සියළු අභියෝග මැද මීපුර පුවත්පත දැන් වසර 11 ක් තිස්සේ සිය මාධ්‍ය මෙහෙවරේ යෙදි සිටි.අප විසින් පසුගිය මීපුර පුවත්පතේ පළ කරන ලද ලිපියක් හේතුවෙන් නගරාධිපතිවරයාගේ සහ නාගරික මන්ත්‍රි මණ්ඩලයේ ගරුත්වයට හානිවි ඇතැයි පවසමින් අප පුවත්පතට අප්‍රසාදය පළ කිරිමේ යෝජනාවක් මැයි මාසයේ පැවැත්වෙන මහසභාවට ඉදිරිපත් කර ඇත.)

එකි යෝජනාවත් අප විසින් පළ කරන ලද ලිපියත් නැවත මෙහි පළ කරන්නෙමු.

ගුරුගේ නැමැති ව්‍යාපාරිකයා කලපුව මූලික කොටගෙන සිය සංචාරක ව්‍යාපෘතිය සැලසුම් කර තිබුනේ අද ඊයේක නොවේ.මේ වෙනුවෙන් ඔහු මීගමුවේ කලපුවේ දූපත්ද මිළට ගත්තේය. මීගමුවේ කලපු ධීවරයෝත් ඇතැම් ප්‍රගතිශිලි පියතුමන්ලාත් ධීවරයන්ගේ උරුමය වෙනුවෙන් අතනොහැර එදා සටන් කළේය.මේ අරගලය උසාවියේදි විසදුනේ මේ දූපත්වල කිසිදු ඉදිකිරිමක් කිරිමට කිසිවෙකුටත් අවසර නැති බව දන්වමිනි.

(ශ්‍රි ලංකා අධිකරණය අද පවත්ව තිබෙන තත්වය අනුව බොහෝ පුරවැසියන් ජනතාවට සාධරණයක් ඉටුවන තින්දු ගැන විශ්වාසයක් ඇත්තේම නැත.විශේෂයෙන්ම මේ නඩුව ඇසුන සමයේ මේ අදාල ව්‍යාපාරිකයා විසින් ශ්‍රි ලංකාවේ නිති ක්ෂේත්‍රෙය් දැවැන්තයන් ඇතුළු විනිසුරුවන් රැසකට සිය නිවසේ  අති සුඛෝපහෝගි සාදයක්  ද සුදානම් කර තිබුණි.)

ඊට පසු අවස්ථා කිපයකදිම මේ ව්‍යාපාරිකයා මේ දුපත්වල විවිධ ඉදිකිරිම් වලට උත්සාහ ගත්තේය. මීගමුව කොතලාවල පාලම අසල වු අතර මග නවතා දමා ඇති පාළම බොරළුවලින්  පුරවන්නටද වරෙක හේ උත්සාහ ගත්තේය.

එහෙත් ධිවරයෝ සහ ඇතැම් ප්‍රගතිශිලි පියතුමන්ලා මේ සියල්ල නවතා ලිය.

ධිවරයන්ගේ විරෝධයන් හමුවේ ආණ්ඩු පක්ෂයේ  දේශපාලකයන් පවසා සිටියේ ධිවරයන් ට අසාධාරණක් වන කිසිදු කටයුත්තකට ව්‍යාපාරිකයන් හට අවසර නොදෙන බවය.ඒ දිනවල අදාල ව්‍යාපාරිකයා විසින් සිය සංචාරක බෝට්ටු ව්‍යාපෘතියට අවසර ඉල්ලා මීගමුව නගර සභාවට ලිපියක් ද යොමු කර තිබුණි.

ඒ සැලැස්මට අනුව ඔහු සදහන් කර තිබුනේ මීගමුවේ සිට හම්බන්තොට දක්වා සංචාරක බෝට්ටු ව්‍යාපාරයක් යෙදවිමට තමන් අදහස් කරන බවය.

මේ සියළු කලබගෑනිවලින් පසුව සියල්ල සන්සුන් වෙමින් තිබියදි කිසිවෙකුත් නොදන්නා අභිරහස් ඉදිකිරිමක් මීගමුව කලපුවට යාබදව හැමිල්ටන් ඇල කලපුවට වැටෙන පාලම අසල ඉදිවෙන්නට පටන්ගත්තේය.බොහෝ දෙනා සිතන්නට වුයේ ගුරුගේ විසින් කිසියම් ඉදිකිරිමක් පටන්ගෙන ඇතිය යනුවෙනි.

එහෙත් රාජ්‍ය වාහන පවා එම ස්ථානයේ තිබිම හේතුවෙන් පසුව එම අදහස් වෙනස් කරගත්තද කිසිවෙකුටත් පැහැදිලි අදහස් ඒ ගැන තිබුනේ නැත.පසුව දැන ගන්නට ලැබෙන්නේ බස්නාහිර සංචාරක ඇමති ධුරයටද හිමි කම් කියන නිමල් ලංසා පළාත් සභා ඇමැතිවරයා විසින් හැමිල්ටන් ඇල සංවර්ධන ව්‍යපෘතිය යටතේ ජැටියක් ඉදිකරන්නට පටන්ගෙන ඇති බවය.

(එය ධිවරයන්ගේ ඉල්ලිමක් නොවුවද දැන් එය කාගේ ඉල්ලිමක්දැයි පැහැදිලි  වෙන්නට පටන් ගෙන තිබේ.)

2012 මාර්තු මාසයේ  පැවැති මුදල් කාරක සභාවේ න්‍යාය පත්‍රයට පිටින් ඉල්ලිමක් යොමුව තිබුනි. ඒ හැමිල්ටන් ඇලේ සංචාරක බෝට්ටු ව්‍යාපෘතියකට අනුමැතිය ලබාදෙන ඉල්ලමිනි.

න්‍යාය පත්‍රයට පිටින් පැමිණි නිසාදෝ පැහැදිලි විරෝධයක් මෙයට එල්ල වු බවක් නොපෙනුනි. 2012 අප්‍රේල් 10 වනදා පැවැති මහනගර සභා  රැස්විමේ කාරක සභා අවස්ථාවට මුදල් කාරක සභාවේ තින්දු දැනුම් දිමේ අවස්ථාවේ ගුරුගේ පැරණි සිහිනයට පණදිමේ දශ්‍යමාන භුමිකාව රගදක්වන්නට ඇන්ටනි ජයවිර නගරාධිපතිවරයා භාරගෙන තිබුනි. ( මේ සියල්ලේ අදුර්ශමාන හස්තය කව්රුන්දැයි  කව්රුත් දනි. )

ඒ අනුව ඔහු සභාවට පවසා තිබුනේ හැමිල්ටන් ඇලේ සංචාරක බෝට්ටු සේවයක් පවත්වාගෙන යන්නට ගුරුගේ නම් වු ව්‍යාපාරිකයට අවසර ලබාදිය යුතු බවය.මේ සම්බන්ධයෙන් කිසිදු  ආදායමක් නගර සභාවට ලැබෙන බවක් හෝ මෙහිද සදහන් කර තිබුනේ නැත.සාමාන්‍යෙයන් මෙවන් ඉඩක් ලබාදිමේදි මේ සදහා ටෙන්ඩර් කැදවිමක් කිරිම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වුවද මේ වෙනුවෙන් කිසිදු ටෙන්ඩර් දැමිමක් ගැන සදහන් කෙරුනේද නැත.

එපමණක් නොව මේ බෝට්ටු සේවය සදහා ගුරුගේ නගර සභාවෙන් අවසරයක් ඉල්ලා ඇති බවක් හෝ සදහන්ව තිබුනේ නැත.

ගුරුගේ යනු ව්‍යාපාරියකි.ඔහු විනෝදය සදහාවත්  බෝට්ටුවක් පැද ඇති දැයි අපි නම් නොදනිමු. තතු එසේව තිබියදි ඇල දිගේ සංචාරකයන්ගේ හිතසුව පිණිස ජාත්‍යන්තර ආධාර මතින් ඉදි  වු ජැටිය ගුරුගේ වෙනුවෙන්ම යැයි තින්දු තිරණ ගැනුනේ කවදාද ? කොතනකදිද ?කව්රුන් විසින්ද…?

මීගමුවේ බදු ගෙවන ජනයා විසින් දැනගත යුතු මේ කරුණු ඔවුන් වෙනුවෙන් අසන්නට අද මීගමුවේ නගර සභාව තුල ඇති විපක්ෂයට ඇත්ත උවමනාවක් තිබුනේදැයි අපට නම් සැක සහිතය.මෙවන් කරුණක් ගැන ප්‍රමාණවත් සාකච්ජාවක් මහ සභා රැස්විමට පෙර විපක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම විසින් සාකච්ජා කළ යුතුව තිබුනද එවැන්නක් පවා සිදුව තිබුනේ නැත.මෙයට හේතුව නම්  දැනට වැඩබලන විපක්ෂ නායක ලෙසින් කටයුතු කරන කැලිසන් ජයකොඩි ඇත්තටම සිටින්නේ විපක්ෂයේද නැති නම් ආණ්ඩු පක්ෂයේද යන්න එතරම් පැහැදිලි නැති නිසාය.

සුළු ධීවරයන්ගේ භුමිතෙල් සටනේදි  අත් නොහැර ධීවරයන් සමග එකට සිටි විපක්ෂයේ වෛද්‍ය හෙන්රි රොසාරියෝ නාගරික මන්ත්‍රිවරයා  සභාවේ අවධානය යොමු කරමින් මතු කර තිබුනේ ටෙන්ඩර්  ක්‍රියාපටිපාටියකට මෙය විවෘත නොකර ගුරුගේ වෙත පමණක් දෙන්නට තින්දු කර තිබෙන්නේ ඇයිද යනුවෙනි.හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතා ද ,මෙහිදි කරුණු දක්වා තිබුනද ගුරුගේ වෙනුවෙන්  බන්දේසියක තබා  මෙය පුජා කරන්නේ ඇයිද යන්න ගැන සැරට අසන්නට කිසිවෙකුත් ඒ සභාවේ සිට නැත.( එසේ කරන්නේ ඇයිද යන්න වැඩබලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මෙන්ම හිටපු විපක්ෂ නායක රොයිස් විජිතද මන්ත්‍රිවරයාද හොදින් දනි.එහෙත් ජනතාව පමණක් නොදනි.)

මීගමුව නගර සභාවේ නිල නොවන විපක්ෂ නායක ලෙසින් කටයුතු කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක් සිටි. ඔහු කපිල නන්ද සුලෝචනය.ඔහු පලාත් පාලන විෂය ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයටද ටියුෂන් දෙන්නට පවා දැන උගත් කමක් ඇති අයෙක් බව පසුගිය කාලය පුරාවට ඔහු විසින් පෙන්වා දි තිබුණි.ඒ ආණ්ඩු පක්ෂය විසින් ගෙනන පළාත් පාලන ක්‍රියාපටිපාටින්ට නොගැලෙපෙන සියළු අකටයුතුකම් ගැන ඔහු කොන්දේසි විරහිතව එරෙහි වෙමින් කරැණු සහහිතව සිය විරෝධයන් ගොනු කිරිම නිසාවෙනි.

මේ නිසාම ඔහු නිහඩ කරවිම සදහා ඔහුගේ මේ හෙළිකිරිම් වලින් රිදුනු පාර්ශවයන් විසින් ඔහු ඝාතනය කරන්නටද පසුගිය දිනක උත්සාහ දරා තිබුණි.

මීගමුව වැනි නගරයක ඇති සුන්දරත්වය ප්‍රයෝජනයට ගෙන සංචාරක ව්‍යාපාරය හෝ ජලතර ගමනා ගමනයන් පවා දියුණු කළ යුතුව තිබේ. අප ඊට එරෙහි නැත.වාහන තදබදය උපරිම වශයෙන් ඇති බැංකොක් නගරයේ ඇල මාර්ග  සාර්ථක මගි ප්‍රවාහන සේවාවන් වෙනුවෙන් විධිමත් හා සාධාරණ ලෙසින් සංවිධානය කර ඇත.

එහෙත් හැමිල්ටන් ඇල යනු වැල්ලවිදිය කුඩා පාඩුව යන ධිවරයන් විසින් දැනට මුහුද යන,එන  ගමන් මාර්ගය ලෙසත් තමන්ගේ යාත්‍රා නවතා තබන ස්ථානය ලෙසත් යොදාගනිමින් තිබේ.ඒ පාරම්පාරික අයිතියට  කිසිසේත් බාධා ඇති නොවිය යුතුය.මේ සම්බන්ධයෙන් අපට කරුණු දක්වා සිටි වැල්ලවිදියේ ධීවර ක්‍රියාධරයෙක් පවසා සිටියේ  හැමිල්ටන් ඇල කලපුවට වැටෙන මුහුන්දිරම් පිටිය අසල ප්‍රදේශයේ සිට පෙරියමුල්ල දක්වා වු ඇල මගෙහි බෝට්ටු තොටුපලවල් 7 ක් පිහිටා ඇති බවය.

වැල්ල විදිය කුඩාපාඩුව ධිවරයන් විසින් 1980 සිට දේශපාලකයන්ගෙන් ඉල්ලා ඇත්තේ සිය බෝට්ටු තමන්ගේ ප්‍රදේශයේ සිට මුහුදට දැමිම සදහා රළ කඩනයනක්

ඉදිකරදෙන ලෙසය. එසේ වන්නේ නම් හැමිල්ටන් ඇල මුහුදට යාමට සහ ඒමට තමන්ට පාවිච්චි කිරිමට අවැසි නොවන බවය. එහෙත් මේ වන තුරු කිසිදු දේශපාලකයෙක් මේ ගැන උනන්දු වි නැත.

අනෙක් වැදගත් කරුණු  වන්නේ මෙවන් සංචාරක ප්‍රවර්ධනයන්ගේ නිසි ප්‍රතිලාභය මෙහි වෙසෙන ජනයා වෙනුවෙන් නගර සභාවට ලැබිය යුතුය.

හුලං අත බලා කවදත් රුවල දමන මීගමුවේ දේශපාලන කුටුම්භයක මඩිතර ගැනිම වෙනුවෙන් හෝ ගුරුගේ නම් වු ව්‍යාපාරිකයාගේ ඩොලර් ගිණුම් තර කිරිම වෙනුවෙන් මේ ප්‍රතිලාභ වෙන් නොවිය යුතුය.එහෙත් නගර සභාවේ ජනතා විරෝධි නපුංසක පාලනය හරහා සිදුව ඇත්තේද ,ඉදිරියටද සිදුවන්නට නියමිතව ඇත්තේද එයමය.