තොරතුරු දැනගැනිමේ අයිතිය වෙනුවෙන් මාධ්‍ය සංවිධාන පෙරමුණ ගනි.

0
36

DSCF3493DSCF3496තොරුතුරු දැනගැනිමේ අයිතිය දිනාගැනිම සදහා සියළු දේශපාලන පක්ෂ බහුජන සංවිධාන හා වෘත්තිය සමිති හා එක්ව පොදු අරගලයක් දියත් කිරිම අරමුණු කොට ගෙන මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුවේ  පළමු සම්මන්ත්‍රණය 2014 පෙබ 13 වනදා සවස 4 ට කොලඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදි  පැවැත්විණි.
මෙහි ප්‍රධාන දේශනය ජනාධිපති නිතිඥ ජයම්පති වික්‍රමරත්න විසින් පවත්වන ලදි.වෘත්තිය සමිති නියෝජනය කරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් දේවසිරි කලාකරුවන් නියෝජනය කරමින් ආචාර්ය චන්ද්‍ර ගුප්ත දේනුවර සිවිල් සංවිධාන වෙනුවෙන් සමගි බලවේගයේ බ්‍රිටෝ ප්‍රනාන්දු අදහස් දක්වන ලදි.
මාධ්‍ය සංවිධාන එකතුව වෙනුවෙන් අදහස් දක්වන ලද්දේ ලංකාපේලි මහතා විසිනි.
මෙම අවස්ථාව සදහා මාදුළුවාවේ සෝහිත හිමියන් සහ නන්දහිමියන් ද එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ  නායක රනිල් වික්‍රමසිංහ සහ එම පක්ෂයේ පා.මන්ත්‍රින්  වන  මංගල සමරවිර ,කරු ජයසුරිය,අකිල විරාජ් කාරියවසම් පැමිණ සිටි අතර එජාප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්නායකයද විය.
මේ අතර එක්සත් සමාජවාදි පක්ෂයේ සිරිතුංග ජයසුරිය ජනතා විමුක්ති පෙරමුණේ මහ ඇමති අපේකෂක ලාල් කාන්ත ද සහභාගිව සිටිනු දක්නා ලදි.
සංගිතවේදි ජයතිලක බණ්ඩාර විසින් තාරාකි ඇතුළු ඔහුගේ ප්‍රකට ගීත කිපයක්ද ගායනා කරන ලදි.