තොරුතුරු දැනගැනිමේ අයිතිය පිිළිබද පණත ගැන ඇත්ත කියන්නේ කව්ද ?

0
104

තොරතුරු දැනගැනීමේ පනත හදිසි පනතක් ලෙස නොව, සාමාන්‍ය පනතක් ලෙස ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පවසන  බව ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවිය අද පුවතක් පළ කර තිබුණි. මේ පිළිබඳව ජනතා අදහස් දැනගැනීම සඳහා මෙකී පනතේ මූලික කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගෙන ඇතැයි ද මහජන අදහස් හා යෝජනා ද සලකා බැලීමෙන් පසුව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පරණවිතාන මහතා ප්‍රකාශ කර සිටින බව එම වෙබ් අඩවියේ සදහන්ය.
මේ අතර මැයි 1 වනදා උදේවරුවේ පැවැති මාධ්‍යවේදින්ගේ මැයි දින රැස්විමකට සහභාගිවෙමින් ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාලික   මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව රැස්වන ඉක්මන දිනයකදි මේ පණත සම්මත කරගන්නා බවයි.
කෙසේ වෙතත් මේ පණත දින 100 ඇතුළත සම්මත කරගැනිමේ පොරොන්චුව ඉටු කිරිමට රජය අපොහොසත් විය.
එමෙන්ම අමාත්‍යංශ කිපයක් මගින් විවිධ සංවාද පණත සම්බන්ධයෙන් පැවැතුනද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන කෙටුම්පත පිළිබදව කිසිදු මාධ්‍ය සංවිධානයක් මේ දක්වා දැනුවත් කර නැති බවද වාර්ථා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here