තෝප්පුව ඇල රක්ෂිතය පිරවු ව්‍යාපාරිකයාට කොච්චිකඩේ පොලිසිය නඩු නොදමන්නේ ඇයි..???

0
110

කොච්චිකඩේ නගරය  ආසන්නයේ හලාවතට දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය හරහා වැටි ඇති තෝප්පුව ඇල රක්ෂිතය පස් දමා පිරවු ව්‍යාපාරිකයෙකුට එරෙහිව ඒ ප්‍රදේශය බාර ග්‍රාම නිලධාරිනි විසින් කොච්චිකඩේ පොලිසියට පැමිණිලි කර ඇත්තේ 2011 ඔක්තෝබර් 10 වෙනිදාය. එනම් අදට සති දෙකකටත් ඉහතදිය.පොලිසිය සිදුකළ යුතුව ඇත්තේ මේ නිතිවිරෝධි ක්‍රියාව කළ පුද්ගලයාව අධිකරණයට ගෙන යාමයි. එහෙත් පොලිසිය කල් මරමින් සිට 2011 ඔක්තෝබර් 23 වනදා මේ පැමිණිල්ල සිදුකරන ලද ග්‍රාමනිලධාරිනිය සහ අදාල ව්‍යපාරිකයා කැදවා පැමිණිල්ල විභාග කරන බව අප කළ විමසුකදි පවසා සිටියද ඇත්තටම එවන් විභාගයක් කිරිමේ අවශ්‍යාතවක් නැත.

මීට ඉහතදිද කොච්චිකඩේ පොලිසියට පැමිණිලි ගණනාවක් කර තිබුනද කොච්චිකඩේ  ඇත්ගාල ප්‍රදේශයේ ඌරුකොටුවක් නිසා සිදුවු හිරිහැරයට යුක්තිය ඉටුකර ගැනිම වෙනුවෙන් කොච්චිකඩේ පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් කරන්නට ඒ ජනතාවට සිදුවිය.පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන සහ ජනතාවවගේ අවධානය මුලු මනින්ම මැතිවරණය වෙත තිබු දිනයේ මේ පිරවිම් කටයුතු අදාල ව්‍යාපාරිකයා විසින් සිදු කර ඇත.