තෝප්පුව ඇල විනාශයි නිළධාරින් බුදි….

0
79

තෝප්පුව ඇල මාර්ගය ගොඩ කර වෙනත් ඇල මාර්ගයක් කැපිමේ බරපතල වැරැද්ද කොච්ච්කඩේ ව්‍යාපරිකයෙකු විසින් සිදුකර මසක් ඉක්මවා තිබුණද මේ සම්බන්ධයෙන් කිසිදු නිතිමය කි‍්‍රයාමාර්ගයකට එළඹීම මේ වන කිසිදු රාජ්‍ය ආයතනයක් පියවර ගෙන නැත.
මේ සම්බන්ධයෙන් අප පසුගිය දින කිපය තුල මෙයට අදාල  සියළුම අයාතනයන්ගෙන් විමසා සිටියද ඔවුන් එකිනෙකා ට මේ සම්බන්ධයෙන් චෝදනා කර ගනිමින් එහි මුලික වගකිම අන් අයට පවරා නිදොස් වන්නට බලති.

කටාන ප‍්‍රාදේශීය ලේකම්වරයා පවසන්නේ මෙම ඇල මාර්ගයේ  අයිතිය ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බවයි. එලෙසම මේ ඇල මාර්ගය කටාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සහ මීගමුව කටාන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වෙන් කරන මායිම් ඇල මාර්ගය නිසාවෙන් මෙම ප‍්‍රාදේශීය ලේකම් කාර්්‍යාල දෙකටම ඒ පිලිබදව වගකීමක් ඇති බවද ඔහු පැවසීය.

ඒ අනුව මෙම ඇල මාර්ගය ගොඩ කිරීම සහ වෙනත් ඇල මගක් කැපීමේ සිද්ධිය තමන් වෙත වාර්තා වූ වහාම ඒ පිලිබදව මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අදාල ග‍්‍ර‍්‍රාම නිලධාරී ලවා කොච්චිකඬේ පොලිසියට (පරිසර පොලිස් අංශයට* පැමිණිලි කර ඇති බවත් එලෙසම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහ පලාත් වාරිමාර්ග දෙපාර්තමේන්්තුවට ද ඒවාගේම ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවටද මේ පිලිබදව වාර්තා කර ඇති බවද පැවසීය.

එලෙසම ඔහු පවසන්නේ මෙම කි‍්‍රයාවලිය අනීතිකව සිදු වී ඇති නිසා කොච්චිකඬේ පොලිසියට (පරිසර පොලිස් අංශයට) මෙම කි‍්‍රයාවලියට සම්බන්ධ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු මගට බැසීමට වුවුද හැකියාව ඇති බවයි.
මේ පිලිබදව විමසීමට මීගමුව ප‍්‍රාදේශීය ලේකම්වරයා හමුවීමට එම කාර්්‍යාලයට ගිය අවස්ථාවේ ඔහු කාර්්‍යාලයෙන් පිටතට ගොස් සිටි නිසා මේ පිලිබදව අප විමසා සිටියේ සහකාර ප‍්‍රාදේශීය ලේකම්වරියගෙනි. පසුව ඇය ප‍්‍රකාශ කලේ ප‍්‍රාදේශීය ලේකම්වරයාගෙන් අසා මේ පිලිබදව යමක් පැවසිය හැකි බවයි. ඒ අනුව ඇය මීගමුව ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ ජංගම දුරකථනයට කථා කර අපගේ විමසීම පිලිබදව දැන්වුවාය. එහිදී මීගමුව ප‍්‍රාදේශීය ලේකම්වරයා, සහකාර ප‍්‍රාදේශීය ලේකම්වරියට දන්වා ඇත්තේ තෝප්පුව ඇල සම්බන්ධයෙන් මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්්‍යාලය විසින් ගෙන ඇති ඉදිරි කටයුතු පිලිබ`දව ජනමාධ්‍යයන්ට විස්තර ලබා දිය නොහැකි බවයි.

මේ සියලලන්ගේම ඇත්ත පැටකිරිය අපි හොදින්ම දනිමු. ඌරුකොටු ප්‍රශ්ණයක් නිසාවෙන් පිඩා විදි ජනතාවට එය අවසාන වශයෙන් නවතා ගතහැකි වුයේ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිට එ‍රෙහිව පොලිසිය ඉදිරිපිට උද්ඝෝණයකින් පසුවය.

මීගමුව ප්‍රා.ලේ යනු රාජකිය අණ්ඩපාලයෙකි. ඔහු ලියන්නට පිටු ගන්නට ලියනන්ට තොරතුරු අප සතුය.