තෝරා බීඩි මුදලාලිගේ මුදල් මංකොල්ල කෑ සැකකරුවන් අත්අඩංගුවට ….

0
591

මීගමුවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ජෙරාඩ් නැමැත්තාගේ නිවසට පැමිණි රු සිදුකර ඇති කෝටි ගණනක මුදලක් මංකොල්ලයට සැකපිට මේ වන විට පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.මේ අතර මෙසේ මංකොල්ල කන ලදැයි කියන මුදල පිළිබදව මෙරට ප්‍රධාන පෙලේ මාධ්‍ය විසින් විවිධ ගණන් වාර්තාකොට තිබිම ගැනද සමාජ මාධ්‍යවල සමච්චලයට

ලක්ව තිබුණි.ඩේලි මිරර් වාර්තාකොට තිබුනේ මේ මුදල රු මිලියන 7 ක් ලෙසිනි.Screenshot_20201002_125903

මෙරට ප්‍රකටම බීඩි නිෂ්පාදකයෙකු වු ජේරාඩ් නැමැත්තා වඩාත් ප්‍රචලිතව සිටියේ තෝරා බීඩි මුදලාලි ලෙසිනි.බීඩි නිෂ්පාදනයට අමතරව තවත් ව්‍යාපාර ගණනාවක් පසුගිය කාලය තුල ආරම්භ කොට තිබුනි.ඒවා අතර සමාජ මතභේදයට තුඩු දුන් ඒවාද විය.මිගමුව මහනගර සභාවේ දේශපාලන සම්බන්ධ කම්ද භාවිතා කරමින් නගර සභා ඉඩමක් ඉතා සුලු මුදලකට බද්දට ගෙන නගරය මැද මහල් ගොඩනැඟිල්ලක් තනා එහි සමාජ ශාලාවක්ද පවත්වාගෙන යමින් සිටිම ඉන් එකකි..එහි භාරකරුවන් ලෙසින් කටයුතු කරන්නේද මීගමු නගරාධිපති දයාන් ලංසාගේ සමිපතම නගර සභා සේවකයන් දෙදෙනෙකි.