මීගමුව මහනගර සභාවේ සාප්පු සංකිර්ණයේ වැසිකිලි පද්ධතියට යාබද ඉඩම අතිශයින්ම වානිජ වටිනාකමක් සහිත ඉඩමකි.එකි ඉඩමේ දැන් හිතුවක්කාරි ලෙසින් නිති විරෝධි තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇති බව මීගමුව එජාප ආසන සංවිධායන රොයිස් විජිත මහතා විසින් පසුගිය මහසභාවේදි මතුකර තිබුණි.
තෝරා බිඩි සමාගමේ අයිතිකරු විසින් මේ ගොඩනැගිල්ල ඉදිකර තිබේ.දැන් මෙහි බියර් සැලක් විවෘත කරන්නට යන බවද සැලය.
නගර සභාවට අයත් ඉඩමක මේසා විශාල ගොඩනැගිල්ලක් ඉදිකරන්නේ කෙසේද ? ඊට අවසර දුන් නිළධාරින් කව්ද ??මේ අත යට ගණුදෙනුව පිටුපස සිටින දේශපාලකයන් කව්ද ???