”තෝ පරදෙමළා ,තොපි කොටි,තෝව කැතිගහනවා,හැමනියන් ”,මඩකලපුවේ හිමිනමක් රජයේ නිළධාරියෙකුට තර්ජනය කරයි ? (විඩියෝ සහිතයි )

0
145

Screenshot from 2016 11 12 11 22 31 e1478930039267මඩකලපුව ප්‍රදේශයේ දමිල රාජ්‍ය නිළධාරින් පිරිසට පරුෂ වචනයෙන් බැන වදිමින් ප්‍රසිද්ධියේ මරණ තර්ජන කිරිමේ සිදුවිමක් ඊයේ දිනයේ වාර්තා වි තිබුණි.
ප්‍රධාන මාර්ගයකදි පොලිසිය බලා සිටියදි මෙසේ තර්ජනය කර ඇත්තේ මඩකලපුවේ මංගලාරාම විහාරයේ අම්පිටිය සුමංගල  හිමිනම විසිනි.
පට්ටිපලෙයි ප්‍රාදේශිය ලේකම් කොට්ටාශයට අයත් කච්චකොඩි/ ස්වාමි මලෙයි ග්‍රාමසේවා වසමේ පිහිටි කාලයක පටන් ගවයන්ට තණ කැවිම සදහා වෙන්ව තිබුණ භුමියක් පසුගිය කාලය තුල සිංහල පවුල් කිපයක් විසින් අත්පත්කරගැනිමට කටයුතු කිරිම පිළිබදව නීතිය ක්‍රියාත්මක කරන්නට යෙදුන රජයේ සේවකයන් හිමිනමගේ තර්ජනයට ලක්ව ඇත.
තම පන්සලේ ගොඩනැගිල්ලක් විවෘත කිරිම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඇරයුම් කොට තිබියදි ඔහු නොපැමිණිම නිසා අදාල පලකය ද කඩා දැමිම සිදුකර තිබුනේ ද මේ හිමිනම විසිනි.
එමෙන්ම එසේ කඩාදැමු පලකය යළිත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නම යොදා ඔහු ලවා පසුගිය දිනක විවෘත කරවාගෙන තිබුණි.
එහෙදි මේ හිමිනම කියා ඇත්තේ හිටුප ජනාධිපති මහින්ද රාජපක්ෂ එදත් අදත් හෙටත් ජනාධිපති බවය.tmp_18515-IMG-20161112-WA0005-1364061149tmp_18515-IMG-20161112-WA0009-1130555714tmp_18515-IMG-20161112-WA0011399078521tmp_18515-IMG-20161112-WA0006-540444285tmp_18515-IMG-20161112-WA0013-2099554862

www.citizennewslk.co
විශේෂ තුතිය-ජෙයකාන්තන් සහ නිලාන්දන් මාධ්‍ය සගයන්ට

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here