දංකොටුව ඉස්සන් කර්මාන්ත ශාලාවේ ආසාදිතයන් ගණන ඉහලට ! ඊයේ දිනයේ අසාදිතයන් 30 ක් ?

0
111

corona( 8.00 am ) කොරෝනා දෙවන රැල්ල ආරම්භවිමත් සමගින් මේ වන විට පුත්තලම් දිස්ත්‍රික්කයේ තත්වයක් තරම් අවදානම් තත්වයක් කරා ගමන් කරමින් ඇති බැව් පෙනේ.
හලාවත වැල්ලේ තත්වය මේ වනවිටත් බරපතල වෙමින් තිබේ.
එමෙන්ම දංකොටුව ඉස්සන් කර්මාන්ත ශාලාව කේන්ද්‍රකොට  ගනිමින් කොරෝනා ආසාදිත රෝගින් ගණන ඉහල යමින් තිබෙන අතර මේ වන විට එතනින් වාර්තා වන රෝගින් ගණන 82 ක් බවට වාර්තාවේ.
ඒ ඊයේ දිනයේදි හදුනාගන්නට යෙදුන රෝගින් 30 දෙනාත් සමඟිනි.
පවතින අවදානම් තත්වය හමුවේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක් හුදකලා කළයුතුද යන ප්‍රශ්ණ පවා මේ වන විට අවධානයට යොමුව ඇතැයි ඊයේ දිනයේ වාර්තා විය
dankotuwa