දක්ෂිණ අධිවේගයේ පිවිසුම් මාර්ගයක අලියෙක් ?

0
146

Screenshot from 2020-07-21 09-48-01දක්ෂිණ අධිවේගි මාර්ගයට අලියෙකු පිවිස ඇතැයි යන පුවතක් සහිත විඩියෝවක් මේ දිනවල  සමාජ මාධ්‍ය අතරේ හුවමාරු වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අධිවේගි මාර්ගයේ නිලධාරියෙකු කියා සිටියේ මත්තල කිට්ටුව ඇති පිවිසුම් මාර්ගයට මිස අධිවේගි මාර්ගයට අලියෙකු පැමිණ නැති බවත් එසේ පැමිණිය නොහැකි බවත්ය.
එමෙන්ම එවැන්නක් වාර්ථා වු පළමු අවස්ථාව මෙය බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් අධිවේගයේ පිවිසුම හරහා එයට ඇතුළුවිමට පැමිණෙන වාහන වලට මෙය කිසියම් අනතුරුදායක තත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
ඒ ගැන අදාල බලධාරින් අවධානය යොමුකල යුතුව තිබේ.

අධිවේගයේ ඇවිද ගිය සද්දත්තයා( විඩියෝ )