දක්ෂ කාටූන් ශිල්පියෙකු වූ කැමිලස් පෙරේරා සමුගනියි

0
422

ඡායාරෑපය – දයාන් විතාරන

මෙරටට  බිහිවූ අතිදක්ෂ කාටූන් නිර්මාණ ශිල්පියෙකු වූ  කැමිලස් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 84 හැවිරිදි වියේ පසුවූ ඔහු  1939 දෙසැම්බර් 01 වැනිදා මීගමුවේ උපත ලැබීය.   මීගමුව‍ ශාන්ත සෙබස්තියන් රෝමානු කතෝලික මිශ්‍ර පාසලෙන් අධ්‍යාපනය ආරම්භ කර පසුව මීගමුව  මාරිස්ටෙලා විද්‍යාලයෙන් හා ශාන්ත මරියා විද්‍යාලයෙන්ද ඔහු අධ්‍යාපනය හැදැරීය.
ඔහු, ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රිය කාටුන් චරිත වූ ගජමෑන්, මගෝඩිස් තුමා, දොං සේතං, තෙපානිස්, සිරිබිරිස් ඇතුළු කාටුන් චරිත රැසක් ජනතාව අතර ජීවමාන කළ  කාටුන් ශිල්පියායි.