අමතක නොකරමු යන තේමාව මුල්කොට ගත් සංදර්ශනාත්මක සැමරුමක් ඊයේ ( 31) සවස් වරුවේ විහාර මහාදේවි උද්‍යානය අසලදි පැවැත්විණි. ඒ් ඝාතනයට ලක්වු සහ අතුරුදන් කළ මාධ්‍යවේදින් සමරනු වස්ය.
අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සහ තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය විසින් එය සංවිධානය කර තිබුන බව සදහන් විය.
ප්‍රජාතන්ත්‍රවාදය සදහා මාධ්‍යවේදියෝ සංවිධානය විසින් මිට වසර කිපයට පෙර පළකරන ලද සවිස්තරාත්මක වාර්තාවක සදහන්ව තිබුණේ පසුගිය රාජපක්ෂ පාලනය තුල ඝාතනයට ලක්වු සහ අතුරුදන් කළ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් ගණන 44 ක් බවය. ඉන් 41 දෙනෙකුම දමිළ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් විය.
මේ අය සැමරිම උතුරේ සහ නැගෙනහිරදි නිරන්තරයෙන්ම සිදුවෙමින් තිබුනද දකුණට එය බොහෝ විට මගහැරි යමින් තිබුණි.
එදා සිටම උතුරේ සහ නැගෙනහිර මාධ්‍යවේදින් මුහුණ දෙන දැවැන්ත මර්ධනය දකුණේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනි සිටිනවා යැයි කියන කණ්ඩායම් අති බහුතකරයකට එතරම් වගක් තිබුනේ නැත.
පසුගිය නොවැම්බර් මාසයේදි මුලතිව් මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරික ලෙසින් කටයුතු කළ විශ්වලිංගම් යන මාධ්‍යවේදියා හට හමුදා සමාජිකයන් පිරිසක් විසින් තල්පිත්තකට ඒතු කටු කම්බි සහිත පොල්ලකින් පහර දි ලේ පෙරෙන තෙක් පහර දි තිබුණද එය දකුණේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය වලට ප්‍රවෘත්තියක් වුයේ නැත.
ඒපමණක් නොව මේ ම්ලේච්ඡ පහරදිම හෙළා දකමින් ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍ය ක්‍රියාකාරින් විසින් මිගමුවේදි සංවිධානය කළ උද්ඝෝෂණය වාර්තා කරන්නටදැයි ඒකතරා ජනප්‍රිය දමිළ නාලිකාවක ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියෙකුගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා තිබුනේ එම උද්ඝෝෂණය වාර්තා නොකරන ලෙසය.එයට හේතුව ලෙස ඔහු අදාල ප්‍රාදේශිය මාධ්‍යවේදියාට කියා තිබුනේ මුලතිව් වල මාධ්‍යවේදියෙකු පහර දුන්නා යැයි කියන පුවත බොරුවක් බවය.
ලේ පෙරෙන පින්තුර ඒ් වන විටත් දමිළ මාධ්‍ය සගයන් විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබියදි ඒ ප්‍රහාරය බොරුවක් යැයි කියන්නට දමිළ මාධ්‍යවේදියෙකුටම කියන්නට සිදුවුවා යැයි කිම තුල , අපට පසක් කර සිටින කටුක ඇත්ත වන්නේ අධිපති මාධ්‍යයන් විසින් රටේ උතුරේ සහ නැගෙනහිර මාධ්‍යට දියත්වෙමින් තිබෙන මර්ධනය මෙන්ම හමුදාවේ අතපෙවීම් සම්බන්දයෙන් කතාකිරීමට මගහැරිමට ඇති කැමැත්තයි. ඒ් තරමටම ඔවුන් රාජ්‍යයේ ඇති ස්වරූපය හෙවත් සිංහල ජාතියේ අධිපතිභාවය වැළදගෙනය.
ඒපමණක් නොව විකල්ප ප්‍රවාහය නියෝජනය කරනවා යැයි කියන වෙබ් අඩවි අති බහුතරයකට එය පුවතක්ව තිබුනේ නැත.ඉන් කියැවෙන්නේ කුමක්ද ?
අමතක නොකරමු යැයි කිවද උතුරේ සහ නැගෙනහිර මාධ්‍යවේදිනේගේ ඝාතන සහ මර්ධනයන් සැබැවින්ම දකුණට අමතකය.
මේ නිසාම දකුණ කේන්ද්‍ර කොට ගත් මාධ්‍ය සංවිධාන විසින් පවා මුලතිව් මාධ්‍ය සමාජයේ භාණ්ඩාගාරිකට පහරදිම හෙළා දකිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේ නැත.
දකුණ කේන්ද්‍ර කොට ගත් විකල්ප යැයි කියා ගත් සයිබර් මාධ්‍ය තුලද උතුරේ සහ නැගෙනහිර මාධ්‍ය මර්දනය ගැන මුනිවත රකින අයුරු ඉතා පැහැදිලිය.( මෙම පුවත වාර්තා කර තිබුනේ දකුණේ වෙබ් අඩවිය දෙක තුනක් පමණි )
එවන් පහර දිමක් සිංහල මාධ්‍යවේදියෙකුට සිදුකර තිබුනේ නම් දකුණේ සයිබර් මාධ්‍යවේදියෝ පමණක් නොව යුටියුබ් හසුරුවන්නන්ද එය ඉහල ලංසුවක තබා විකුණාගත හැකි පුවතක් බවට පත්කරගන්නවා නොඅනුමානය.
අප පිළිගන්නට කැමැති වුවත් අකමැති වුවත් ඇත්ත එයයි . ඒ් නිසාම පසුගිය රාජපක්ෂ පාලන සමය තුල ඝාතනය කෙරුණ 44 දෙනාගෙන් 41 දෙනෙකුම දමිලයන් වුවද ඒ් ගැන සවිඥාන බවක් දකුනේ මාධ්‍ය ප්‍රධානින්ට පවා නැති බව ඊයේ දිනයේ පවා පසක් කර තිබුණ කටුක සත්‍යයයයි .
මාධ්‍යකරුවකුගේ සෑබෑ භුමිකාව තුල මරණය පෙනි පෙනි ජිවත්වු සුගිර්තරාජන් වැනි මාධ්‍යවේදියෙකුගේ අභියෝගාත්මක ජිවන චරිතය දකුණේ මාධ්‍යකරුවන්ට බොහෝ විට අමතකව යන්නේ ඒ නිසාමය.
යාපනය මාධ්‍ය සමාජය විසින් වරක් ඔවුන්ගේ දකුණේ මාධ්‍ය සංවිධාන වලට ඊමේල් පණිවිඩයක් මගින් ඇරයුම් කර තිබුනේ යාපනය නගර මධ්‍යයේ පැවැති විරෝධතාවයකට ඔවුන් හා එක්වන ලෙසය.
එහෙත් කණාගාටුවට කරුණ වි තිබුනේ එන නොඑන බව හෝ යාපනේ මාධ්‍යවේදින්ට දන්වා එවිමට පවා දකුණේ අයට අමතකව තිබිමය.
ඒ් ආකාරයේ ඇත්ත ධ්‍රැවිකරණයක් උතුරු සහ දකුණ අතර ඇතිව තිබිම අද පවතින යථාර්ථයයි.
තවත් ඒක් දෙයක් සටහන් කළ යුතුමය.
දකුණේ බොහෝ සිවිල් සංවිධාන වලට උතුර,නැගෙනහිර සහ දමිළ ජනයා මතක් වන්නේ සිය ව්‍යාපෘති උවමානාවන් සපුරාගැනිම සදහා බව දිනපතාම ඔප්පු වෙමින් ඇති සත්‍යයයි.