දකුණු මුහුදේදි කුඩු සමගින් අත්අඩංගුවට ගත් පිරිස අතර මිගමුවේ අයෙකුත් …

0
71

නාවික හමුදාව විසින් ගාල්ල, දොඩන්දූවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2020 දෙසැම්බර් 31 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 ග්‍රෑම් 945 (Crystal Methamphetamine), හෙරොයින් කිලෝ 2 ග්‍රෑම් 47 ක් සහ කේරල ගංජා ග්‍රෑම් 3ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබුණි

ගාල්ල දොඩන්දූවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දෙසැම්බර් 31 වන දින අළුයම සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර එහි සූක්‍ෂමව සඟවා ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 ග්‍රෑම් 945, හෙරොයින් කිලෝ 2 ග්‍රෑම් 47 ක් සහ කේරල ගංජා ග්‍රෑම් 3ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් (04) එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදි.

මෙම විශේෂ මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 ත් 29 ත් අතර, මාතර, පොතුවිල්, මීගමුව සහ මස්කෙලිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන්, මත්ද්‍රව්‍ය සහ බහුදින ධීවර යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා හික්කඩුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

මේ අතර ඊයෙ දිනයේදිද බහුදින යාත්‍රාවක් යොදාගෙන සිදුකර තිබුන මත්ද්‍රව්‍ය ජාවාරමක් මිගමුව මුහුදු තිරයේදි කොටුකරගැනිමට ඒකාබද්ධ ආරක්ෂ මෙහෙයුම්වලට හැකිව තිබුණි
මුලාශ්‍රය- navy.lk