දකුණු වයික්කාලේ සිවිල් ආරක්ෂක කමිටුවෙන් නිවාස පරිත්‍යාගයක්

0
158

දකුණු වයික්කාලේ සිවිල් ආරක්ෂක කමිටුවේ සාමාජික සාමාජිකාවන් විසින් වයික්කාල බෝලාන දුම්රිය මාර්ගය අසල කුඩා පැල්පතක විසූ දිළිදු පවුලකට නව නිවසක් ඉදිකර හා එය ප‍්‍රදානය කිරීමේ උත්සවය අගෝස්තු 01 වන දා සිදු කෙරිණි.  සිවිල් ආරක්ෂක කමිටුවේ සහ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයනගේ ධන පරිත්‍යාගයෙන් රු ලක්ෂ 5ක් පමණ වැය කර මෙම නිවස ඉදිකර ඇත. මෙම නිවස ලබාගත් වික්ටර් ප‍්‍රනාන්දු මහතා සහ එම මහත්මිය ප‍්‍රදේශයේ කම්කරු රැුකියාව  කරමින් ජීවිකාව ගෙන යන අතර, ඔවුන්ගේ එකම පුතු ටිරෝන් ප‍්‍රනාන්දු මේ වන විට රජරට විශ්ව විද්‍යාලයේ  කළමනාකරන පීඨයේ දෙවන වසරේ සිසුවෙකි. කුඩා පැලපතක සිට සිප්සතර හදාරමින් විශ්ව විද ්‍යාලය අධ ්‍යාපනය දක්වා ගිය මෙම දරුවාට ගෞරවය කිරීමටත් ප‍්‍රදේශයේ දිළිª පවුලකට උදව් කිරීම අරමුණු කරගෙන මෙම නව නිවස ප‍්‍රදානය කළ බව එම සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපති හෙන්රි ඇල්බට් මහතා පැවසීය.
මෙම උත්සවයට වෙන්නප්පුව පොලීසියේ ස්ථානාධිපති, අශෝක වීරක්කොඩි මහතා, වෙන්නප්පුව ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රී ඇලෙක්ස් නිශාන්ත, විපක්ෂ නායක ජූඞ් ප‍්‍රනාන්දු, බැප්ටිස් ප‍්‍රනාන්දු සහ දකුණු වයික්කාල සිවිල් ආරක්ෂක කමිටුවේ සාමාජිකයන් ඇතුළු ගම්වාසීන් සහභාගී විය.  ඡායා –  තුෂාර රොහාන්