දකුණේ අය නිදහස් ,අපේ අය හිරෙගවල්වල.??

0
176

ආර්ථික අර්බුදයේ ගිලුන ලාංකිකයා කර කියා ගත හැකි දෙයක් නැති තැන දිවි පරදුවට තබා ඕස්ට්‍රෙලියාව බලා යන්නට නැව් ( බහු දින යාත්‍රවලට )නැංගේය.නන්තල් දූපත ඔවුන්ගේ ගමනානත්ය විය.මෙසේ ඕස්ට්‍රෙලියාව බලා යාමේ අරමුණෙන් මීගමුව හා අවට ප්‍රදේශයවලින් පිටත්ව ගිය පළමු අවස්ථාව මේ වසර නොවුවත් විශේෂෙයන්ම 2012 ශ්‍රි ලාංකිකයාගේ  බෝට්ටු වසර බව පත්විය.

මෙම ජාවාරම සදහා ආණ්ඩුව හමුදාවේ ඇතැම් කොටස්ද සම්බන්ධ වි ඇති බවට කටකථා පැතිරෙන්නට විය.කෙසේ වෙතත් පසුගිය කාලය තුල මේ අයුරින් ඕස්ට්‍රේලියාව බලා යාමට ගොස් අත්අඩංගුවට පත් වු බෝට්ටු ගණන පමණක් 550 ඉක්මවා තිබුණි.

ශ්‍රිලාංකික බෝට්ටු ජනයාගේ ප්‍රශ්ණය ඕස්ට්‍රේලියාව තුලද අලුත් සාමාජ ප්‍රශ්නයක් වන තරමට මතුව ආවේය.දේශපාලන පක්ෂ සහ එරට මාධ්‍ය පවා මහත් උනන්දුවකින් මෙය අමතන්නට පටන්ගෙන තිබිණ.

කෙසේ හෝ මුහුදු මගින් නත්තල් දුපත කරා ගිය ජනයා එහිදි කදවුර ගත කෙරුණි.රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්ණයක බවට පත්වු මෙම බෝට්ටු ජනයා කෙසේ හෝ ලංකාවට ගුවන් මගින් එවිමට පසුගිය කාලය තුල ඕස්ට්‍රෙලියානු රජය සමත්ව තිබුණි.

එමෙන්ම එසේ පැමිණ බන්ධනගාරගතවුවන් ශරිරි ඇප මත පමණක් නිදහස් කරයැවිමේ අධිකරණමය ප්‍රවණාවක්ද දැන් ක්‍රියාත්මක ව තිබේ.

මේ අනුව පසුගිය දිනවල පමණක් මෙසේ නිදහස් කර යැවු ගණන 100 ඉක්මවා තිබුණි.

ඕස්ට්‍රෙලියාව බලා යාමේ අදහසින් මුහුදු වෙරලේ හෝ අසල නවාතැනක සිට අත්අඩංගුවට පත් අය 200 කටත් වැඩි පිරිසක් දැනට මීගමුව බන්ධනාගාරයේ සිටින අතර ඒ අයගේ පවුල්වල ඥාතින් ඔවුන් බේරාගැනිම සදහා මේ දිනවල නිරන්තර උත්සාහයක යෙදි සිටිති.මේ අය අතර ත්‍රි රෝද රියදුරන් පවා සිටිති .ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව නගරයේ සිට දූව පැත්තට පිරිසක් රැගෙන යාම නිසාවෙනි.

ඕස්ට්‍රේලියාවේ දි අත්අඩංගුවට පත්ව කදවුරු ගතව සිට ය ඕස්ට්‍රෙිලයානු හමුදාවේ යානා මගින් මෙරට පැමිණි අය ශරිර ඇප මත පමණක් මුදා හැරෙද්දි ඕස්ට්‍රේලියාව බලා යාමට මුහුදු වෙරළේ රැදි සිටි අපේ සැමියන් දරැවන් නිදහස් කර නොයවන්නේ අයිදැයි ඥාතිහු ප්‍රශ්ණ කරති.

එමෙන්ම ඔවුන් පවසා සිටින්නේ මෙසේ ඇප ලබා නිදහස් වන අයගෙන් 95% ක්ම දකුණේ ජනයා බවයි.