දකුණේ ලින්නෝ මීගමුවට ! කිලෝවක් රු 300යි

0
198
sdr

sdr

මීගමුව පිටිපන ලෙල්ලමේ මාළු තොග අදත් ප්‍රමාණවත් පැමිණ නැත.ලෙල්ලමේ  ඇති මාළුන්ගෙන් 60% ක් පමණ ඇත්තේ ලින්නෝය.
ලින්නා මාළු වර්ගය බහුල ලෙසින් අල්ලන්නේ දකුණ අවට ප්‍රදේශවලිනි. අයහපත් කාලගුණයක් පැවැතියද පසුගියදින ගණනාවක් මුහුදේ රැකියාව කරමින් සිට ගොඩ පැමිණ ඇති බෝට්ටු මගින් ගෙන ආ ලින්නා අද මීගමුව වෙළද පලට පැමිණ  තිබේ.
එහෙත් මිළ අධිකය කිලොවක් අද දිනයේ රු 300 කි.
සෙසු අගයන්ද අදත් ඇත්තේ ඉහල මිලකය.
මාළු අලෙවියට ගෙනයාම සදහා එන වෙළදුන්ගේද විශාල අඩුවක් ඇතැයි අපගේ ලෙල්ලම ආරංචි මාර්ග දක්වා සිටි.
අද දිනයට අදාල කිලෝවක මාළු මිළ පහත විලසිනි.
බලයා රු 400යි.කෙලවල්ලා රු 600යි.ඇටවල්ලා රු 400යි.ලේනපරව් රු 300යි.පරව් රු 600යි.මීමැටි රු 450යි (කුඩා)
සාලයා රු 200යි.සුඩයා රු 130යි.
කුම්බලාව රු 350යි පුච්චකන්නි රු 350යි (මීට දින 10 කට පෙර මේ දෙවර්ගයම කිලෝවක් රු 120 කට අලෙවි විය.)
ඉස්සෝ කුඩා රු 500යි.ලොකු ඉස්සා රු 1200යි.මුරල්ලා රු 230යි.
හුරුල්ලා රු 300යි ( තොග ඉතාමත් සිමිතව පැවතිණි.)