දකුණේ සිංහල මාධ්‍යවේදියෙකු අහන්න අකමැතිවුන උතුරේ ඇත්ත…

0
207

idp 2

නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරන ලදු මාධ්‍ය සාකච්ඡාවක් අගෝස්තු 13 වනදා සාමයික හා  සාමාජික කේන්ද්‍රයේදී පැවැත්විණි.  මෙම මාධ්‍ය හමුව සදහා  සහභාගී වූ මන්නාරම් දිස්ත්‍රික්කයෙන් පැමිණි ‘අතුරුදහන්වූවන් සොයා යන ඥාතීන්ගේ සංවිධානයේ ‘ සභාපතිනිය මනුවෙල් උදයචන්ද්‍රා මහත්මිය  සහ එම සංවිධානයේ සාමාජිකා රාජදුරෙයි සුබලක්ෂ්මි මහත්මිය මෙන්ම වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. සුඛීර්දන් මහතා සහභාගී වූහ. මෙම මාධ්‍ය හමුව මෙහෙයවීම අතුරුදහනවූවන්ගේ ඥාතීන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් සිදුකරන ලදී.

යුද්ධයෙන් පසුවත් තම අතුරුදහන්වූ ඥාතීන් පිළිබදව කිසිදු සැනසිලිදායක තොරතුරක් තමන්ට නොලැබුණ බවත් රජයෙන්  මෙතෙක් කිසිදු පිළිතුරක් ලබාදී නොමැති බවද  මනුවෙල් උදයචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කළාය. තවදුරටත් කතා කළ ඇය,
තවමත් සොයාගත නොහැකි වූ සිය පුතු මෙන්ම තවත් දරුවන් පිළිබදව මාධ්‍යට අදහස් දැක්වූවාය
” මගේ පුතාව 2007-09-04 වන දින කවුරැන් හෝ විසින් අතුරුදහන්කරවුවා.
අපේ ප්‍රදේශ රාජ්‍ය ආරක්ෂක අංශය විසින් පාලනය කරන ප්‍රදේශයක්. අපි ජීවත්වුණේ වෙරළාසන්න ප්‍රදේශයේ. ඒ ප්‍රදේශයේ හමුදා මුර පොළවල් ලඟ ලඟ පිහිටා තිබණා. අපිත්  නිරන්තරයෙන් ආරක්ෂක අංශ වලට අපේ ලියාපදිංචිම් තහවුරු කරමින් තමයි ජීවත්වූයේ.  මෙවැනි පරිසරයක තමා පුතාව පැහැරගෙන ගියේ.
ඒ වනවිට මගේ පුතාගේ වයස අවුරුදු
24යි. මම ඔහුව තලෙයිමන්නාරමේ කදවුරු වල සිට බූස්ස කදවුර දක්වා සොයාගෙන ගියා. නමුත් ඔහුව සොයාගත හැකි වුණේ නෑ. මම පැහැදිලිව කියන්ඩ කැමතියි මගේ පුතාව පැහැර ගත්තේ රජයේ ආරක්ෂක අංශ විසින් කියලා.

දැන් ආන්ඩුව කියනවා ඒ පිළිබදව සොයා බලන්ඩ කමිටුවක් පත්කරලා තියෙනවා කියලා. නමුත් මම අහන්නේ මෙ අයව නිදහස් කරන්නේ නැතිව ඇයි මේ කමිටුවක් පත්කරන්නේ කියලා. මම තවමත් විශ්වාස කරනවා ඔවුන් ජීවත් වෙනවා කියලා. අපි ඉල්ලන්නේ අපේ දරුවන් කෙසේ හෝ අපට සොයා දෙන්න කියලයි.”

වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. සුඛීර්දන් මහතා පැවසූෙය්
උතුරු  වලිකාමම්  ප්‍රදේශයේ ්ගාමසේවා කොටටාශ 35න් තවමත් 24ක් නිදහස් වී නොමැති බවයි. ඒවා තවමත් හමුදාව යටතේ තිබෙන බවත් එම ජනතාවට සිය ජීවිකාව මෙන්ම තමන්ගේ ඉඩම්වල පදිංචිය ලබාගත නොහැකි වී ඇති  බවට ප්‍රකාශ කළේ කරුණූ සහිතවය.  වලිකාමම් ගාමසේවා කොට්ටාශයට අයත් පවුල් සංඛ්‍යාව 9995ක්ඒ පවුල් ව සාමාජිකයන් 33 000ක් බවද  මේ සියලු දෙනාට ජීවත්වීම සදහා තිබූ ජීවනෝපායන් අතර ප්‍රධාන තැනක් වනP1200678 ගොවිතැන හා ධීවර කර්මාන්යේ නිදහසේ නියැලීමට නොහැකි බාධා පිළිබදව  සුඛීර්දන් මහතා මාධ්‍ය හමුවේ පවසා සිටින ලදී. මේ වනවිටත්  හමුදාව විසින් එම ප්‍රදේශ වල කෘෂිකර්මාන්තයේ නියලෙන බවත් වෙළද පොළට එන එළවලු අස්වැන්න පවා , හමුදාව විසින් මහා පරිමානයෙන් සිදුකරන කෘෂී වගා වල අස්වැන්න බවත් ඔහු පැවසීය. ඔහු රජයෙන් ඉල්ලා සිටියේ  නැවත පදිංචි වී නැති ජනතාව වෙත නැවත ඒ ප්‍රදේශ වල පදිංචිවීම සදහා  තවමත් හමුදා භාරයේ තිබෙන ඉඩම් ලබාදෙන ලෙසයි. එම ප්‍රදේශ වල ජනතාවගේ  ජීවිත වලට බලපාන්නේ සංවර්ධනය වන පාරවල් නොව තවමත්  ලැබී නොමැති ඔවුන් පදිංචි වී සිටි ඉඩම් සහ පාරම්පරික  රැකියා වල මතුවී ඇති ගැටලු බවයි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ   අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුෙව් සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් පැවසූවේ වූවේ රජයේ සියලු දේටම වගේ මෙම ප්‍රශනය විසදීමට ද කොමිසමක් පත්කර ඇති බවත් එය විහිලුවක් බවත්යරජය යුද්ධයෙන් අහිමිවූ උතුරේ මාපියන්ට සිය අහිමි වූ ඥාතීන් වෙනුවෙන් මරණ සහතික ලබාගන්නා ලෙස බල කරන අතර රජය එසේ සිදුකරන්නේ ලෝකයා ඉදිරියේ අතුරුදහන්වූ සංඛාව අඩුකරැනීමට බවත් ඔහු පැවසීය.
P1200677
P1200694