දඩය වැඩිකරලා හාල් වල කළු කඩ මිළ පාලනය කළ හැකිද ?

0
183

රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන වෙලෙදසැල් හිමියන් පනවන ලද රු 2500ක දඩය රු 100,000 දක්වා වැඩි කිරිමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබි ඇතැයි වෙලෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ති‌බේ.මෙම සංශෝධන ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අනුමැතිය ලබා ගැනිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ අකාරයෙන් රජය විසින් පසුගිය කාලය පුරාවට කළ මිළ පාලනයන් , දඩ ගැසිම් එදිනෙදා දේශපාලකයන් විසින් සිදුකරනු ලබන මාධ්‍ය සංදර්ශණ පමණක් වි ඇති පසුබිමක යෝජිත දඩ මුදල වැඩි කිරිම තුලින් හාල් වල කළු කඩ මිළ පාලනය කළ හැකිද යන්න සැබැවින්ම ගැටළුවකි.