දඞුගමදී වාහන 4ක් එකට ගැටේ.

0
100

මේ අනතුර සිදුව තිබුනේ අද උදෑසන ජා ඇල දඩුගම ප්‍රදේශයේදීයි. මේ අවස්ථාවේදී පහත ඡායාරූප වල දැක්වෙන නිල් පැහැති මෝටර් රථය කොළඹ දෙස සිට පැමිණ මාර්ගයේ අනෙක් පසට මාරු වීම සදහා නවතාගෙන සිට තිබෙනවා.
එම රථයට පිටුපසින් කළු පැහැති රථය තවතාගෙන සිට ඇති අතර කොළඹ දෙස සිට පැමිණි ලොරි රථය කළු පැහැති රථයේ ගැටී ඇති අතර ඉන්පසු කළු පැහැති රථය ඊට ඉදිරියෙන් තිබූ නිල් පැහැති රථයේ ගැටී තිබෙනවා. මේ හේතුවෙන්  නිල් පැහැති රථය මාර්ගය හරහා ඉදිරියට තල්ලු වීම නිසා මීගමුව දෙසින් පැමිණි සුදු පැහැති හයිබ්‍රිඩ් රථයේ ගැටීමෙනුයි මේ තත්වය සිදුවීම සිදුවී තිබෙන්නේ.
මේ අනතුරේ මුලික වරද සිදුකර තිබුන ලොරි රථයේ රියදුරාගෙන් අප කළ විමසිමකදි ඔහු කියා සිටියේ තමන්ගෙ වාහනයේ වේගය පාලනය කර ගැනිම සදහා තිරිංග තද කළද එය හරි හැටි ක්‍රියාත්මක නොවුන බවය.
කෙසේ වෙතත් මේ වැසි බර කාල ගුණ  තත්වය හමුවේ මාර්ග අනතුරු වැඩිවිමට ඇති ඉඩ වැඩිය.
එබැවින් හැකිතාක් පරික්ෂාවෙන් රථ පැදවිම අනතුරු අවම කරගැනිටම ඉඩසලසනු ඇත.

20160515_074530