දඬුගම් ඔයේ විනෝදයට අඟුලේ ගිය මිතුරන් මරුට

1
151
Malintha wickrama
Malintha wickrama

121

මඩම්පැල්ල සහ ජා ඇල කණුවන ප්‍රදේශවල පදිංචි 28 වියැති මිතුරන් දෙදෙනෙක් දඩුගම් ඔයේ අඟුලක නැගි තොටියාද සමගින් ගමන් ගනිද්දි එය පෙරළි මිය යාමේ ශෝකජනක පුවතක් වාර්තා විය.

අප්‍රේල් මස 15 වෙනිදා දවල් මේ මිතුරන් දෙදෙනා දඩුගම් ඔයට පැමිණ විනෝදයට අඟුලක ගමන් කිරිමට සුදනාම් වුවුද ඒ අඟුල පදවන තරුණයා එදින සිටි නැත.ඔහු වෙනුවට එදා අඟුල පදවා ඇත්තේ ඔහුගේ පියා වු ඒ අඟුල දශක ගණනාවක් පැදවු තොටියාය .

කෙසේ හෝ මේ අඟුල පෙරලි ඇති අතර තොටියා පිනා ගොස් අසල සිටිඅයගේද ආධාරයෙන් දිවි ගලවාගෙන තිබුනද අර මිතුරන්ට ඒ වාසනාව අහිමිවිය

සි ප්ලේන් ව්‍යාපෘතිය වෙනුවෙන් දඩුගම් ඔය හරා ඇති අතර දැනට මෙහි සිදුකෙරෙන නිතිවිරෝධි වැලි හැරිම්ද හේතුවෙන් මේ ඇතැම් ස්ථාන ඉතාමත් ගැඹුරු බව ප්‍රදේශවාසින් පවසති.

මෙම අවසනාවන්ත ඉරණමට ගොදුරුව මිය ගිය මඩම්පැල්ලේ පදිංචි සූරයා සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක වු රොෂෙල් ශර්වන්ත ප්‍රනාන්දු  සහ ඔහුගේම ව්‍යාපාරික මිතුරෙක් වු ජා ඇල කණුවන පදිංචි මලින්ද වික්‍රම සුරේන්ද්‍ර මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුන්ය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here