දත් කැඩෙන්න මාධ්‍යවේදින්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය දකුණේ ප්‍රධාන ධාරාවට ප්‍රවෘත්තියක් නොවිම ?????

0
90

Screenshot_20201012_174401මුලතිව් දිස්ත්‍රික්කය දැඩි හමුදාකරණයකට යටත් වී තිබියදී සිද්ධවන දැව මංකොල්ලයක් වාර්තා කිරීමට ගිය දෙමල මාධ්‍යවේදීන් දෙදෙනකුට දව මකොල්ලකරුවන් දැඩි ලෙස පහර දී තිබේ.මේ පහරදිම හේතුවෙන් එක් මාධ්‍යවේදියෙකුගේ දත් දෙකක් කැඩි ගොස් තිබේ.පහර කෑමට ලක්වු මාධ්‍යවේදින්ගේ ලේපෙරෙන ඡායාරූප සමාජ මාධ්‍ය වල ඊයේ දිනයේ පළව තිබුණි. එහෙත් මේ ම්ලේච්ඡ ප්‍රහාරය දකුණේ ප්‍රධාන ධාරවට පුවතක් වි තිබුනේ නැත.

ප්‍රහාරයට ගොදුරුවූ කනපතිපිල්ලේ කුමනන් සහ ෂන්මුගම් තවසීලන් මේ වන විට මුලතිව් මහා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.දත් දෙකක්ම කැඩි, තොල් පැලි ගොස් ඇති තවසිලන් කියා සිටියේ තමන්ට ආහාර ගැනිමට පවා අපහසු බවය.
මේ ජාවාරම්කරුවන්ට පොලිසියේ ඇතැමුන්ගේ මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමරහක් පිරිස්වලට සහය ලැබෙන බවටද ඔවුහු කියා සිටිති.
පසුගියදා වව්නියාවේ රාජ්‍ය උත්සවයක් අමතමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ වන්නියේ කැලෑ විනාශය බරපතල ලෙස සිදුවන බවයි. එහෙත් ජනාධිපතිවරයා පවසන්නේ පරිසර විනාශය පිලිබඳ පළවන ප්‍රවෘත්ති “අසත්‍ය ප්‍රබන්ධ” බවයි

කෙසේ වෙතත් මුලතිව්හිදි මාධ්‍යවේදින්ට එල්ල කර ප්‍රහාරයට පෙර මොනරාගල ප්‍රදේශයේදිද මාධ්‍යෙව්දියෙකුට  ප්‍රහාරයක් එල්ලවි තිබුණි.
ඒ ප්‍රහාරය එල්ල කර තිබුනේ ඒ ප්‍රදේශයේ වැලිජාවරම්කරුවන් විසිනි.