දන්කොටුව ප්‍රාදේශීය රෝහලේ සේවක හිඟයක්..

0
506

කාලයක සිට දන්කොටුව ප්‍රාදේශිය රෝහලේ පවතින සේවක හිඟය හේතුවෙන් රෝහල් පරිපාලනය හා එම රෝහලට පැමිණෙන රෝගින් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතැයි රෝහල් අරංචි මාර්ග පෙන්වා දෙයි. දන්කොටුව,වෙන්නප්පුව, සිංගක්කුලිය, වයික්කාල, කොච්චිකඩේ යන ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විශාල සේවයක් සලසන මෙම රෝහල සේවක හිඟය හේතුවෙන් විශේශයෙන්ම දුප්පත් කම්කරු ජනතාව ප්‍රතිකාර ගැනිමට පැමිණිමේදි දැඩි අපහසුතාවයන්ට මුහුණ දෙන බව එම ජනතාව පවසයි.

උළු හා ගඩෝල් කර්මාන්ත ආශ්‍රිතව රැකියාව කර ජීවත්වන විශාල පිරිසකට මෙම රෝහල මහඟු සම්පතක් වුවත් මෙම සේවක හිඟය හේතුවෙන් ප්‍රතිකාර ගැනිමට පැමිණෙන රෝගින්ටම රෝහලින් සිදුවිය යුතු කාර්යන් කර ගැනිමට සිදුව ඇති බව එම ජනතාව පෙන්වා දෙයි. තමන්ට වෙනත් රෝහලකට යැමට නම් කිලෝමිටර් 10 ක් 15 ක් පමණා යා යුතුවාක් මෙන්ම පෞද්ගලික රෝහල්වලින් හෝ පුද්ගලික දොස්තර මහත්වරුන්ගෙන් බේත් ගැනිමට තරම් වත්කමක් නොමැති හෙයින් මෙම සේවක හිඟයට ඉක්මනින් පිළියම් යොදා රෝගින් පත්වන අපහසුතාවයට විසඳුම් ලබාදෙන මෙන් බළධාරින්ගෙන් ඉල්ලා සිටි.

දෛනිකව මෙම රෝහලේ බාහිර රෝගින්ගේ අංශයෙන් ප්‍රතිකාර ගැනිමට 300 ත් 400 ත් අතර රෝගින් ප්‍රමාණයක් එන බවත් සුළු සේවකයන්, කම්මකරුවන් 38 ක් ඉන්න ඔනේ මෙහි වැඩ කටයුතු කරගෙන යන්න එත් අපට ඉන්නේ 18 යි සේවකයන් 20 ගේ අඩුවක් තිබෙනවා නේවාසිකව රෝගින් ප්‍රතිකාර ගැනිමට විශාල ප්‍රමාණයක් සිටින නිසා තමන්ද මෙම සේවක හිඟය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්වන බව රෝහල් සේවකයන් පිරිසක් පැවසිය. මේ සම්බන්ධයෙන් විමසිමේදි දන්කොටුව ප්‍රාදේශිය රෝහල් වෛද්‍ය අධිකාරි තිලක් රණසිංහ මහතා මේ ගැටළුව ඇත්තටම අපට තිබෙනවා අපි හැකි සෑම උත්සහයක්ම ගන්නවා ප්‍රතිකාර ගැනිමට එන රෝගින් අපහසුතාවයට පත් නොකර ඉන්න සේවකයන්ගෙන් උපරිම සේවයක් සලසන්න මෙයිට වඩා දෙයක් අපට මාද්‍යට කියන්න කියන්න බැ. වයඹ පළාත් සෞඛ්‍ය ඇමති ලක්ෂ්මන් වෙඩරුව මහතා මේ වසරේ අපිට සේවකයන්ගේ වැටපු ගෙවන්න විතරයි මුදල් ලැබිලා තියෙන්නේ නව බඳවා ගැනිම සඳහා ප්‍රාතිපාදන ලැබිලා නැති නිසයි මේ සේවක හිඟය තියෙන්නේ අපි මුදල් ඇමතිතුමා එක්ක සකච්ජා කරලා තියෙන්නේ ඉක්මනින් විසඳුමක් දෙන්න පුලුවන් වේවි මේ සේවක හිඟයට.

14199165_1282582575117806_6877621227615787676_n

ඡායාරූප හා සටහන – චන්දන ප්‍රනාන්දු