දන්සල් කොඩිය අතට ගත් ට්‍රැෆික් පොලිස්….

0
105

trafic1මීගමුව හා අවට නගර වලද උදේ දවල් මෙන්ම රාත්‍රියටද දන්සැල් සදහා  එහි සංවිධායකයන් යුහුසුලු වෙමින් සිටිති.
මේ සියල්ල අතරේ එක් විශේෂ දසුනක් විය.
එනම් වෙනදා විසිල් එකක් ගසමින් මහපාරේ වැරදි කරන වාහන නවත්වන්නට පාරට පනින  රථවාහන පොලිසියේ නිලධාරින් පිරිසක් දන්සැල් කොඩියක් රැගෙන පාරට පැන වාහන නැවැත්විමට පටන් ගෙන තිබිමයි.
ඒ වෙන්නප්පුව පොලිසිය විසින් සංවිධානය කර තිබුණ සිසිල් පැන් දන්සලට ඇරයුම් කිරිම සදහාය.