දන්සලේ පළමු බත්කට සුදර්ශනීගෙන් ..

0
67

2015-අප්‍රෙල් මස 03 වෙසක් පොහෝ දින කදිරාන ප්‍රදේශවාසින් විසින් සංවිධානය කර තිබූ වෙසක් මහා බත් දන්සල විවෘත කිරිම සදහා  නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය ආරාධනා ලැබ තිබූණි.  එම දන්සැල  විවෘත කිරීම සදහා ඇය පැමිණ සිටි අතර සංවිධායකයන්ගේ ඉල්ලීම අනුව දන්සලේ මුල්ම ආහාර වේල බුක්ති විදීම සදහා ඇයට අවස්ථාව ලබා දෙන ලදී. ඒ  මොහොතේ, ගරු නියෝජ්‍ය අමාත්‍යවරිය  බෙදා ගත් ආහාර වේල දෝතින් රැගෙන ආ ඇය   පිටත පෝලිමේ සිටි ජනතාව අතරට පියවර මැන  දන්සලෙන් ආහාර ගැනීම සදහා පෝලිමේ සිටි වයසක මිත්තණියකගේ දෙඅතේ තැබූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
එම අවස්ථාව අවට සිටි සියල්ලන්ටම  සතුටුදායක විය.

unnamed
දිනේෂ් නන්දසේන