දඹුල්ලේ එළවළු මිල පහළට.! ලීක්ස් රු 30යි ! රාබු රු 15 යි ! බිට් රු 35 යි !

0
549

DEC-349_fmt

නටන්න බැරි මිනිහාට පොළව ඇදැයි කිව්වා සේ ජනපතිගේ සිට බොහොමයක් දෙනා ගොන් කථා රැසක් කියමින් සිටිනු පෙනේ. ඇත්තටම කථාව නම් රජය පළමු කොරෝනා රැල්ලට වැඩි උනන්දුවක් එදා දක්වන්නට යෙදුනේ අඩුවෙන් PCR පරික්ෂණ සිදුකොට හෝ කොරෝනා දැන් මෙල්ලවි ඇතැයි කියා කෙසේ හෝ මහමැතිවරණය පැවැත්විමට හැකි පසුබිමක් සකසා ගැනිමටය.
ඒ වෙනුවෙන් සියල්ල එදා සංවිධානය විය.
මනාප ඉල්ලා ගමට ගිය දේශපාලකයන් සහන මළු බෙදුවේ තරඟයටය. මිගමුව වැනි පළාත්වලදි මහජන බදුමුදල් අතදිගහැර වැය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ආසනවලට බඩු බෙදිමට තරම් උන්දුවකින් කටයුුතු කර තිබුණි.
ඒ සියල්ල මැතිවරණයත් සමගින් නිමාවෙමින් දැන් දෙවන කොරෝනා රැල්ල ඇරඹි පිමි පණිමින් රට අර්බුදයක් කරා යමින් තිබේ.
මේ අර්බුදයට හේතුව ජනතාව හා මාධ්‍ය යැයි කිසිදු වගකිව යුතු නායකයෙකු විසින් නොකිය යුතු ඇති ගොන්කථාවක් පසුගියදා රටේ ප්‍රධානියා විසින් සිදුකර තිබුණි.,
එ සියල්ල එසේ තිබියදි ගොවියන්ගේ එළවලු ටිකට සාධාරණ මිළක් ලබාදිමට වැඩපිළිවෙලක් සකසා දිමට නොහැකි වු පාලනයක් ගැන තවත් කවර නම් කථාද
ගෝඨාභයේ කෙරුවාවල් ගැන එදා උදම් ඇණු කිසිවෙකුත් දැන් සොයාගැනිමට  නැති තරම්ය. ජනපතිවරයා දැන් ඒ තරමටම හෑල්ලු වි හමාරය.
ada.lkවෙබ් අඩවිය විසින් දඹුල්ලේ තත්වය ගැන පැහැදිලි කරමින් කර ඇති මේ  ප්‍රවෘත්තිය තුල ජනාධිපති වරයා ප්‍රමුඛ ආණ්ඩුව කොයිතරම් නම් අසාර්ථක දැයි පැහැදිලිව පෙනි යයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 09 දින එළවළු විශාල ප්‍රමාණයක් ලැබී ඇතත් ඒවා මිලදී ගැනීමට ප්‍රමාණවත් වෙළෙන්දන් නොපැමිණීම නිසා අලෙවි කර ගැනීමට නොහැකිව මිලද විශාල වශයෙන් පහත වැටි ඇති බව ගොවීහු කියති.

දිවයිනේ බොහෝ ආර්ථික මධ්‍යස්ථාන සතිපොළ සහ එළවළු අලෙවි කරන ස්ථාන නැවත ආරම්භ කළද එළවලු  මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් බෙහෙවින් අවම තත්වයක පැවතීම නිසා එළවලු තොග අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි  ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

උදෑසන සිටම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන පැමිණි ගොවීන් ඒවා මත වාඩිවී ඇතැම් අය නිදාගෙන  සිටින ආකාරයද ආර්ථික මධ්‍යස්ථානයේ සුලභව දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි.

ඇතැම් එළවළු වර්ග  රුපියල් 10හා 20  දක්වා මිල ගණන් යටතේ සීමිත ප්‍රමාණයක් අලෙවි කළ බවත් ගොවීන් කියති. තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි වීම නිසා දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බවත් එළවළු තොග අනෙකුත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම හෝ ඒවා මිලදී ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු කිලෝවක මිල (රුපියල්)

ගෝවා 35 -40

බෝංචි  100 -130

ලීක්ස්  25 -30

කැරට් 130 -140

බීට් රූට් 25 -35

තක්කාලි 30-40

රාබු 10 -15

නෝකෝල්  35- 40

 කැකිරි 20-25

 පිපිඤ්ඤා 10 -20

අර්තාපල් නුවරඑළිය 150 -160

 වැටකොළු 70 -80

බණ්ඩක්කා 30 -35

 පතෝල 50-60

කරවිල 190- 200

වට්ටක්කා 30 -35

වම්බටු  40 -50

මෑ කරල් 45 -50

මාලුමිරිස් 130 -150

අමුමිරිස් 80 -100

බතල   20- 25

දඹල 20-30

 

දඹුල්ලේ මේ ආකාරයෙන් මිළ පහල ගොස් තිබුණද මීගමුවේ ජනයාට මේ දිනවල ආහාරය සදහා එළවලු ටිකක් ලබාගැනිමටවත් වැඩපිළිවෙලක් සකසා දිමට මිගමුවේ මාධ්‍ය සංදර්ශන නගරාධිපතිට නොහැකි වි තිබේ.
මේ සියලු දෙනාවට ඇත්තේ විසිල්ම පමණි. බල්ටි නැත
මුලාශ්‍රය- ada.lk