දයාන් ලංසාගෙන් යළිත් මිපුරට තර්ජන ! මිපුර කැමරාවේ ඡායාරූප බලෙන් මකලා !

0
109
දයාන් ලංසා මැරයා සහ මහින්ද රාජපක්ෂ සමගින්

දයාන් ලංසා මැරයා සහ මහින්ද රාජපක්ෂ සමගින්

රාජපක්ෂ ලංසා හවුල් පාලනය විසින් මෙරට මාධ්‍ය වෙත මුදාහරින ලද භිෂණය යළිත් සිහිපත් කරමින් මිගමුවේදි මිපුර වෙබ් අඩවියේ   මාධ්‍යවේදියෙකුගේ මාධ්‍ය නිදහසට තර්ජනයක්  එල්ල කර තිබේ.
මීගමුව මහනගර සභාව විසින් පෙරියමුල්ල ප්‍රදේශයේ අනවසර ඉදිකිරිම් ඉවත් කිරිමේ සිදුවිමක් ගැන වාර්ථා කිරිම සදහා එහි ගිය මිපුර වාර්ථාකරු සැම්සන් ඥාානසිරි මහතාගේ කැමරාව  ගෙන එහි චිෆ් එක ගලවා අදාල සිදුවිමේ ඡායාරූප සියල්ල මකා දමා තිබේ.
නගරාධිපති දයාන් ලංසා සමගින් එහි සිටි පිරිසක් විසින් මෙය සිදුකර තිබුනේ  අද පෙරවරුවේදිය.
මාධ්‍ය නිදහසට එල්ල කෙරුණ මෙම තර්ජනය සිදුව තිබුනේ මිගමුව පොලිසියද එහි සිටියදි බවද වාර්ථා වේ.
රාජපක්ෂ ලංසා හවුල් පාලනය විසින් මිගමුව තුල ගෙන යමින් තිබෙන අශිලාචාර පාලනයට එරෙහිව මිපුර පුවත් පත සහ වෙබ් අඩවිය දශකයකටත් වැඩි කාලයක් සිය මාධ්‍ය මෙහෙවරේ නියැලි සිටි.
2016 ජුනි 02 වනදා මිගමුව මහනගර සභාවේ රැස්විම වාර්ථා කිරිමට ගොස් සිටි මිපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩි ගමගේ හට එවකට නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් මැරයන් යොදවා පහරදි තිබුණි.මේ සම්බන්ධ නඩුවක් දැනටමත් මිගමුව මහේස්ස්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here