දයාන් ලංසාගේ මැර සේවකයන්ට එරෙහිව මිගමුව පොලිසියට පැමිණිලි 2 කක් !

0
220

FG at Police1මීපුර වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකුගේ කැමරාවක් බලෙන් උදුරාගෙන  එහි තිබු මාධ්‍ය ආවරණයක   සියළු ඡායාරූප මකා දමා මාධ්‍යට ප්‍රසිද්ධියේ තර්ජනය කිරිමක් මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ කාර්ය මණ්ඩලයේ පිරිසක් විසින්  සිදුකර තිබේ.
අද පෙරවරුවේ මිගමුව පෙරියමුල්ල ප්‍රදේශයෙ සිදුවු අනවසර තත්වයක් ඉවත් කිරිමට  මහනගර සභාව ක්‍රියාත්මක කරමින් තිබියදි මෙම මාධ්‍ය අාවරණය සිදුකර තිබුණි.
මේ මැර ක්‍රියාව මිපුර මාධ්‍යවේදි සැම්සන් ඥානසිරිට එරෙහිව ක්‍රියාත්මක කිරිමට මුලිකත්වය ගෙන තිබුනේ කපිල කෝරලගේ නැමැත්තෙකි.
මෙයට අමතර නගරාධිපති මාධ්‍ය අංශයේ සේවකයෙකුද මෙසේ කැමරාවේ ඡායාරුප මකා දැමිමට හවුල් වි තිබුණි.
මාධ්‍ය නිදහසට තර්ජන කළ මේ පිරිසට එරෙහිව අද සවස් වරුවේ මිගමුව පොලිසියට පැමිණිලි 2 ක් සිදුකර තිබුණි.
CIB ii 182/270 යටතේ අදාල සිදුවිමට මුහුණ දුන් මාධ්‍යවේදි සැම්සන් ඥානසිරි විසින්ද පැමිණිලි අංක CIB  ii 183/271 යටතේ මිපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩි ගමගේ විසින්ද සිදුකර තිබුණි.FG at Police 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here