දයාන් ලංසාට ඡන්දය නොදුන් නිසා ජවිපෙට පොත නැතිවෙයි!

0
62
ජවිපෙ නාගරික මන්ත්‍රි මහතා
ජවිපෙ නාගරික මන්ත්‍රි මහතා
ජවිපෙ නාගරික මන්ත්‍රි ගාමිණි මහතා

අභ්‍යාස පොත් පවා දේශපාලන උපකරණයක් කරගැනිමට මිගමුවේදි දේශපාලකයන් සැමදා කටයුතු කර තිබුණි.මහජන බදු මුදලින් වෙන්කරනු ලබන අරමුදල් වලින් මිළට ගත්තද නගරාධිපති දයාන් ලංසා කල්පනා කරන්නේ සිය පවුල විසින් උපයා ගත් ගණන් කළ නොහැකි තරම්වු කළු සල්ලි වලින් මේ අභ්‍යාස පොත් ගන්නවා යැයි කියාය.මේ නිසාම දයාන් ලංසාට හෝ පොහොට්ටුවට කඩේ නොයන අයට මේ ලබානොදෙන්නට ලංසලා මෙවර කටයුතු කර තිබේ.ඒ අනුව මෙවර ජවිපෙ මන්ත්‍රීන් තිදෙනාට නගරාධිපති දයාන් ලංසා පොත් ලබාදි නැත.එකම හේතුව වන්නේ මිගමුව ණයකරන දයාන් ලංසාගේ අයවැයට ජවිපෙ ඡන්දය ලබා නොදිමය.පුදුමයට කරුණ වන්නේ දයාන් ලංසා විසින් මේ අකාරයේ දේශපාලන පලිගැනිමක් කරද්දි එයට සිය විරෝධය පළ කරන්න⁣ට කිසිදු මන්ත්‍රීවරයෙකු මහනගර සභාව තුල නොසිටීමය.එනම් මේ බහුතරයක් දෙනාට කියන්නට වන්නේ අපි ලංසා පවුලට හීලෑවුණ යක්කු බොලව් කියාය.එජාපේ බහුතරයක් අද ඒ ගානට වැටි තිබේ.