දයාන් ලංසාට බියෙන් නාගරික කොමසාරිස් සුළු සේවකයන් පාවා දීලා ?

0
73

MC-NGBමීගමුව නගරයේ පළාත් පාළන ආයතනය භාරව කටයුතු කරන කොමසාරිස්වරයා  මීගමුව තුල දේශපාලනික නන්තාරව සිටින ඇතැම් දේශපාලකයන්ට බියෙන් මහනගර සභාවේ සුළු සේවකයන්ව පාවා දි ඇතැයි මේ දිනවල චෝදනාවක් එල්ල වි තිබේ.
එපමණක් නොව මහනගර සභා පාලනය තුල  පිටකොන්දක් සහිත අතලොස්සක් වු නිළධාරින් පවා කියා සිටින්නේ ඊයේ අලුයම නගර සභා සේවකයන්ද ටිපර් රථද කැටුව ගොස් අනවසර කඩයක් ඉවත් කිරිම පැහැදිලි පරිපාලන තින්දුවක් අනුව සිදුකර තිබුනද ඊට පැය කිපයකට පසුව මිගමුව මේ වන විට නන්තාරවි සිටින දේශපාලකයෙකු ගේ ගෙරවිල්ලට බියෙන් සියළු පරිපාලන තින්දු යළිත් වෙනස් කරමින් කොන්දක් නැති නිළධාරියෙකු තත්වයට වැටි අනවසර කඩය රැගෙන ආ තැනටම ගෙනගොස් දැමිමට තරම් දිනයෙකු වි තිබේ.
එතැනින් නොනැවතුණ මේ නිළධාරියා ඔහුගේ මේ තින්දුවට අනුව කටයුතු කළ සුළු සේවකයන්වද මේ නන්නත්තාර දේශපාලකයන් ඉදිරියේ පවා දි ඇත.
මේ දින නිළධාරියා කියා එහිදි බැන වැදි ඇත්තේ සුළු සේවකයන් විසින් මේ අනවසර කඩය ටිපර් රථවල පටවාගෙන ආ විලසනි.
මේ පසුබිම තුල තමන්ට ලැබෙන විවිධ වරදාන වලට කෑදර කමින් යහපාලනය යටතේ ස්වාධිනත්වටය පත්වු රාජ්‍ය සේවය ගණිකා වෘත්තියේ යොදවමින් සිටි.
එවන් රාජ්‍ය නිළධාරින් විසින් ඉදිරි මාස කිපය තුල මීගමුවට සිදුකරන්නට යන්නේ කුමක්දැයි දැන් පැහැදිලිය.