දයාන් ලංසා ඇත්ත කියයි.

0
82

කඩොල් කැෙල් ක්‍රිඩා පිටිය අයත්වන්නේ මීගමුව මහනගර සභාවට වුවද පසුගිය කාලය තුල එය එය පරිහරණය කරනු ලැබුයේ දේශපාලකයන්ගේ බූදලයක් ලෙසිනි.
ජුපිටර්ස් ක්‍රිඩා සමාජය විසින් මෙය පවරාගෙන තිබුනේ එය නිසි ලෙසින් නඩත්තු කිරිමේ පොරොන්දුව මත වුවුද සිදුනොවුයේද එයයි.  ලංසා පවුලේ අය සහ ඔවුන්ගේ හිතවතුන් මෙම පොදු දේපල පවුලේ දේපලක් සේ සලකා භුක්ති වින්දෝය.
ඔවුන් විසින් ක්‍රිඩාපිටියේ අදායම පමණක් බෙදා  ගැනිමට කටයුතු කළහ.
තතු එසේව තිබියදි 2014 ජනවාරි 10 වනදා පැවති මහසභාවට යෝජනාවක් ගෙන එමින් නාගරික මන්ත්‍රි දායන් ලංසා පවසා සිටියේ කඩොල් කැලේ ක්‍රිඩාංගනය පාපන්දු ක්‍රිඩාව සදහා යෝග්‍ය මට්ටමක නොපවතින බවයි.එබැවින් මෙම ක්‍රිඩා පිටියේ නඩත්තු කටයුතු සහ සංවර්ධනය කිරිම සදහා ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනය විසින් ලිඛිතව ඉල්ලා ඇති බැවින් ඒ අයට වෙත ලබාදිය යුතු බවයි.
මේ අනුව නිමල් ලංසා සහ දයාන් ලංසාගේ ක්‍රිඩා සමාජය වු ජුපිටර්ස් ක්‍රිඩා සමාජය විසින්  කඩොල් කැලේ  ක්‍රිඩා පිටිය  පාපන්දු ක්‍රිඩා කිරිමට නොහැකි තත්වයකට ඇද දමාdayan ඇතැයි ජනවාරි 10 වනදා මහසභාවේදි ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ.