දයාන් ලංසා ඉබ්බෙක් කඩලා මාට්ටුවෙයි..?

0
59

dayan1මීගමුව නාගරික මන්ත්‍රි දයාන් ලංසා පසුගිය ඉරිදා නගර සභාවේ මන්ත්‍රිකාමරයේ යතුරු භාරව සිටින කම්කරුවෙකු අමතා පවසා තිබුනේ තමාට මන්ත්‍රිකාමර විවෘත කර ගැනිමට අවැසි බවය.
අදාල කම්කරුවා පවසා තිබුනේ තමා එදින නිවාඩු බැවින් ඒ කටයුත්ත කිරිමට නොහැකි බවය.
මින් කෝපයට පත්ව ඇති දායන් ලංසා මන්ත්‍රිවරයා මන්ත්‍රිකාමරයේ දොරේ ඉබ්බා බලත්කාරයෙන් කඩා ඊට ඇතුළු වි ඇත.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශය විසින් ලොග් සටහනක්ද තබා ඇත.
ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකු මිපුරට පවසා සිටියේ දායන් හිතන්නේ නගරසභාව හරියට කාමච්චෝඩේ මාකට් එක කියල වෙන්නැති.
නැතිනම් මන්ත්‍රිවරුන්ගේ කාමරේ නිතිවිරෝධි විදියට පාවිච්චි කරන්න එයාට තියෙන අයිතිය මොකද්ද?
කෙසේ වෙතත් මේ තත්වය ගැන නගරාධිපතිවරයා විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්දැයි මීගමුවේ පුරවැසියන් බලා සිටිති.