පළාත් පාලන ඡන්දයට දැන් සියල්ලෝම සුදානම් වෙමින් සිටිති.එළඹෙන මැතිවරණයේදි මීගමුව මහනගර සභාවේ බලය එජායට හිමිවිමට වැඩිහිටක් ඇති පසුබිමක එයට එරෙහිව යමින් කකල් මාට්ටු දමන්නට කලක සිට ක්රියාත්මකව සිටින එජාපයේ පිරිසක් මීගමුව තුල ක්රියාත්මකව සිටිති.
විශේෂයෙන්ම මේ පිරිස මීගමුව එජාප සංවිධායක රොයිස් විජිතගේ නායකත්වයට එරෙහිව ක්රියාත්මක වෙමින් සිටින බව පෙනේ.
මේ පිරිසේ එක්තරා ප්රධානියෙකු පසුගිය දිනක පුත්තලමේදි මීගමුවේ හිටපු උපනගරාධිපති දයාන් ලංසාව මුණගැසි ඇති බැව් වාර්ථා වේ.
හිටපු නාගරික මන්ත්රිවරයෙකු වන මේ පුද්ගලයා එජාපයේ ජාඇල පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකුට ඉතාමත් සමිප සබදතාවක් ඇති අයෙකු බවටද ප්රකටය.
දායාන් ලංසා වැඩි උනන්දුවක් දක්වන ඇතැම් ක්ෂේත්රයන් වලටද යම් කැමැත්තක් ඇත්තන් ලෙසද මේ අය ප්රකටය.