දයාන් ලංසා මෛත්‍රි පිළට පැන මීගමුවේ සම සංවිධායකධුරය ඉල්ලිමේ සැලැස්මක් ?

0
90

dayan may day 2ලංසා පවුලට දේශපාලනය යනු ඇදුම් මාරුකිරිම තරම් වු සරල ක්‍රියාවලියක් බවට පත්ව  තිබේ.
හුලං  අතබලා රුවල් දැමිම ලංසා පවුලේ සැලැස්මයි.
පසුගිය කාලය තුල දවල් මිගෙල් රැනියෙල් යැයි ඇතමුන්ගේ බරපතල විවේනයන්ටද ලක්ව තිබු ඇමති ලංසාගේ මෛත්‍රි සහ රාජපක්ෂ වන්දනාව ඉදිරියේදි තවත් නව හැඩයක් ගැනිමට නියමිතදැයි ඇතැමුන් දැනටමත් ප්‍රශ්ණ කරන්නට පටන් ගෙන තිබේ.
පසුගිය මැයි දිනයේදි ප්‍රසිද්ධියේම මහින්ද රජපකෂ මැයි දින විරෝධතා පෙලපාලියට එක්ව සිටි ඇමති ලංසාගේ සොහොයුරු දයාන් ලංසා අළුතින් පිහිටුවන්නට රාජපපක්ෂලාගේ පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ රැස්විම් කිපයකටම සහභාගිව සිටියේය.
එහෙත් මෑතක සිට ඔහු රාජපක්ෂ පෙරමුණේ අවස්ථා ගණනාවක් මගහැර තිබුණි.
මෑතකම මිනුවන්ගොඩදි පැවැති එකාබද්ධ විපක්ෂයේ රැස්විමද දයාන් ලංසා සහභාගි වි තිබුනේ නැත.
මේ අනුව දැන් මීගමුවේ දේශපාලන ක්ෂේත්‍රය තුල කථාබහට ලක්වෙමින් ඇත්තේ මීගමුව ශ්‍රිලනිප සම සංවිධායකධුරය ඉලක්ක කොට ගෙන මෙසේ පැතිමාරුවකට මානබලමින් සිටින බවය.