දයාසිරිට අමතක වු මෛත්‍රී ගේ පොරොන්දුව!

0
34

My3ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම් දිමේ රැස්විමට හිටියේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති දයාසිරි ජයසේකර පමණි.
එහි රැස්ව සිටි අති බහුතරයක් මාධ්‍යවේදින් පැන පැන ප්‍රශ්ණ කලේ ව්‍යවස්ථා විරෝධය මතු කරමිනි. මේ මාධ්‍යවේදින්ට අනුව මහානායක හිමිවරු අකමැති නම් අළුත් ව්‍යස්ථාවක් ගෙනඒමට බැරිය.
ඇමති දායසිරිද තනිවම හෝ මේ සියළු ප්‍රහාරයන්ට එරෙහිව සටන් කරනු දැකිය හැකි විය.
එහෙත් දායසිරිට අමතක වු හෝ අමතක කළ එක් ප්‍රධාන කරුණක් වෙයි.
එනම් මාධ්‍යවේදින් විසින් මහනායක විරෝධයන් මැද හෝ අළුත් ව්‍යස්ථාවක් ගෙන ඒන්නේද යැයි මාධ්‍යවේදින් අසන විට ඔව් අප ගේනවා ඒක ලක්ෂ 62 කට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් දුන් පොරොන්දුවක් යැයි කිමටය.
එවන් කෙලින් උත්තරයක් දිමට ආණ්ඩුවේ සිටින්නේ ප්‍රධාන ඇමතිවරුන් දෙදෙනෙකු පමණය
එනම් රාජිත සහ මංගල පමණි.
අනික් බහුතරයක් දේශපාලනයක් ගැන නිවරදි ස්ථාවරක් නැති අඩුවැඩි වශයෙන් රාජපක්ෂලා දිහාත් මහනායකලා දිහාත් බලාගෙන එන එන බෝලෙට බැට් කරන අයවලුන්ය.
එවන් පිතිකරුවන්ට බැට් කරන හැටි ඉක්මනින් උගන්වන්නට රාජිතලා හා මංගලලාට නොහැකි වන්නේ නම් ශ්‍රිලංකා ක්‍රිකට් කණ්ඩායම අද පත්ව ඇති ඉරණමට වඩා වෙනස් එකක් කොහෙත්ම උදානොවනු ඇත.