දරැවා පාසැලකට දාගන්න මව්වරු උපවාස කරන රටේ mothers’day..??

0
87

මව්වරුන්ගේ දින සැමරිම සදහා සියළු මාධ්‍ය ආයතන වඩාත් අනුවේදිනීය කථාංග සේවිමට මහන්සි ගන්නා බව අප හොදින් දනිමු.
නාත්තණ්ඩියේ පදිංචි එන්.පී. මල්කාන්ති අම්මා පසුගිය දිනක නාත්තණ්ඩිය දම්මිස්සර ජාතික පාසැල ඉදිරිපිටදි උපවාසයකට වාඩිවුයේ සිය පුතු පාසැලට නොගැනිම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීමටය.
මීට සුළු මොහොතකට පෙර දුරකතයෙන් අප ඇමතු ඇය කියා සිටියේ තම පුතු පාසැලට භාරගැනිම සදහා රු 25000 ක මුදලක්ද ලබාගෙන ඇති විදුහල් පති තුමා මේ මවට පවසා ඇත්තේ දරුවාව පාසැලට ගන්නා විට තවත් රු 175000 ක් ගෙවන ලෙසය.
කෙසේ වෙතත් අද වනතුරුත් ඒ දරුවාට පාසැලේ දොර විවරව නැත.නොගැනිමට හේතු දැක්විමක්ද නැත.
ඉතින් එහෙව් රටක මව්වරුන්ට ඉතිරිවන්නේ අවිහිංසාවාදි උපවාස මිස අන්කවරක්ද.??