දරුවන්ට අනාගතයක් හදන්න බෝට්ටුවෙන් කැනඩා යන්න හැදු සුන්දරලිංගම් මියයයි …

0
187

වියට්නාමයේ කඳවුරක දිවි නසා ගැනීමට තැත් කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයකුගේ දේහය වියට්නාමයේ කඳවුරකදී බේරාගෙන පසුව රෝහලේදී මිය ගිය ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයකුගේ දේහය නිවසට ගෙනැවිත් දරුවන්ට පෙන්වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ වෙසෙන ඔහුගේ බිරිඳ දැඩි ආයාචනයක් කර තිබේ.

තම උපන් ගම වන ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි බව පවසමින් වියට්නාමයේ කඳවුරකදී සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබේ .

මෙලෙස මියගොස් ඇත්තේ යාපනය, වාචකච්චේරි  ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සුන්දරලිංගම් ක්‍රිදරන් නමැති අයෙකි. ඔහුට දියණියන් දෙදෙනකු ඇතුළු දරුවන් හතර දෙනෙකි. ලොකු දුවට අවුරුදු 13 ක් වන අතර  ඇගේ ඥාතීන් බීබීසීයට පැවසුවේ අවසන් දරුවාගේ වයස මාස හතරක් බවය

ශ්‍රී ලංකාවේ දරුවන් හතර දෙනෙකු ඇති දැඩි කිරීමට නොහැකි නිසා තම සැමියා කැනඩාවට යාමට තීරණය කළ බව ඔහුගේ බිරිඳ පවසයි. “ආර්ථික තත්ත්වය නිසා දරුවන් හතර දෙනකු ඇති දැඩි කරන්න බැහැ. ඒ නිසා අඩු වියදමකින් කැනඩාවට යන්න ඕන වුණා. ඔහු මිය ගිය බව වියට්නාමයේදී වාර්තා විය. අපි කොහොම හරි එයාගේ මිනිය ගන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ. එතකොටයි මගේ දරුවන්ට එයාලගේ තාත්තා මැරිලා කියලා මට තහවුරු කරන්න පුළුවන් වෙන්නේ” ක්‍රිතාරන්ගේ බිරිඳ කතා කළේ දරාගත නොහැකිව හඬා වැටෙද්දීය.

මටයි මගේ දරුවන්ටයි බලන්න පුළුවන් විදියට මහත්තයාගේ දේහය ගේන්න ගන්න ඕනා නමුත් එකට ලක්ෂ 30ක් ගෙවන්න ඕන කියලා කියනවා යැයි සුන්දරලිංගම්ගේ බිරිඳ පවසයි

“ළමයි අහනවා අපේ තාත්තව ගෙනත් පෙන්නන්න කියලා.
සිදුවුයේ කුමක් ද?

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය මධ්‍යයේ උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව බොහෝ දෙනෙක් මියන්මාරය හරහා කැනඩාවට යාමට උත්සාහ කර ඇත්තේ රට ජීවත්වීමට නුසුදුසු බව පවසමිනි.

ඔවුන් මීට මාස කිහිපයකට පෙර මියන්මාරයට ගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට ගුවන් මගින් වන අතර  එතැනින් නැවෙන් කැනඩාවට මිනිස් ජාවාරම්කරුවන් සැලසුම් කර ඇත

කෙසේ වෙතත්, සිංගප්පූරුව, වියට්නාමය සහ පිලිපීනය ආසන්න මුහුදු තීරයේදී නෞකාව ගිලා බැසීමේ අවදානමකට මුහුණ දී ඇති බවට ශ්‍රී ලංකා නාවික හමුදා ගලවා ගැනීමේ මධ්‍යස්ථානයට පසුගිය 06 වැනිදා තොරතුරක් ලැබිණි.

මෙම තොරතුර සිංගප්පූරු නාවික හමුදාවට ලැබීමත් සමඟ අසල තිබූ ජපන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ආධාරයෙන් ඔවුන් බේරාගෙන වියට්නාමයට භාරදී තිබෙනවා. ශ්‍රී ලාංකික සරණාගතයින් 303ක් වියට්නාමයේ කඳවුරු තුනක රඳවා සිටිති.

බොහෝ සරණාගතයින් වියට්නාම බලධාරීන්ට පවසා ඇත්තේ ඔවුන්ට නැවත තම මව්බිමට යාමට අවශ්‍ය නොවන බවත් උත්සාහ කළහොත් සියදිවි නසා ගන්නා බවත්ය.

කෙසේ වෙතත් ඔවුන් යළි ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරමින් තිබියදී පසුගිය 18 වනදා සරණාගතයින් දෙදෙනෙකු සියදිවි හානිකර ගැනීමට තැත් කර තිබුණ

දෙදෙනාම වියට්නාමයේ රෝහලකට ඇතුළත් කෙරුණ අතර  එහිදී ක්‍රිතාරන්ගේ තත්ත්වය ඉතා අසාධ්‍ය වූ අතර ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන්නට අදාල බලධාරින් කටයුතු කලේය.පසුව ඔහු අවාසනාවන්ත ලෙස ඊයේ මිය ගියේය.