උසස් පෙළ හදාරා දැනට උසස් අධ්‍යාපනයේ යෙදෙන මගේ බාලදියණියගේ බලවත් ඉල්ලිම මත ඇගේ යහළු යෙහෙළියන් දිවුලපිටියට ඇරවලවන්නට මට පැවරුනේ පසුගිය මාර්තු 18 වෙනිදා රාත්‍රියේය. ඒ ඔවුන්ට 2007 වසරේ සිට විද්‍යාව ඉගෙන්වු රෝෂාන් සර් ගේ දෙවෙනි ගමන සාදයටය. යළිත් කි.මි 30 ක් පමණ ආපසු පැමිණ යනවා වෙනුවට මම ඒ අය නැවත සාදය අවසන්ව පැමිණෙන තෙක් කල්ගත කිරිම සදහා සුදුසු තැනක් තෝරාගෙන ලැප්ටොප් එක පරිහරණය කරමින් වෙබ් අඩවියට පුවත් කිපයක් එක් කළෙමි.
ඉන් අනතරු කාලය වෑන් රියේදිම ගත කරමින් මේ දරුවන් ටික පැමිණෙන තෙක් මම රාත්‍රි 11.45 වන තෙක් සිටියෙමි.
ඒ මාර්තු 18 වෙනිදා රාත්‍රි සදුදාය.
මාර්තු 25 වන සදුදා මා සිටියේ නුවරඑළිය නගරයේය. එදින උදේවරුවේ මගේ ජංගම දුරකථනයට ලැබුන දුරකතන ඇමතුම මට කිසිසෙත් අදහා ගත නොහැකි විය.
”තාත්තේ රෝෂාන් සර්ව ඉස්කොලේ යද්දි හැප්පිලා නැතිවෙලා කියලයි ආරංචිය ඔයා දන්න මීගමුවේ ඉස්පිරිතාලේ අයගෙන් හොයල බලන්කෝ…”
ඒ මගේ වැඩිමල් දියණියගේ ආයචනයයි.
මම ඉක්මනින් ඒ ගැන සොයාබැලුවද එවැන්නක් මීගමුවට වාර්තා වි තිබුනේ නැත.
පසුව යළිත් ලැබුන දුරකථන ඇමතුමකි.
”නෑ තාත්තේ දිවුලපිටිය ඉස්පිරිතාලේ .. ”යැයි කියද්දි ඒ ඔස්සේ මට ඇසෙන්නේ නොනවතින ඉකිබිඳුමකි. ඒ මගේ පොඩි දියණියයි.
රොෂාන් සර් දැනට ඉගැන්විමේ කටයුතු වල යෙදෙන දළුවකොටුව ලොයලා පාසැලට යන අතරේදි බටේපොල පාසැල අසලදි ඔහුගේ යතුරු පැදිය ලැන්ඩ් මාස්ටරයක ගැටිමෙන් මේ අනතුරු සිදුව තිබුණි.
ඒ සදුදා දිනයේ සවස් යාමයේ අප සියළු දෙනා සුදානම් වුයේ රොෂාන් සර් ගේ මළ ගෙදර යාමටය.
දරුවන්ට අසිමිතව පෙම්කළ එවන් ගුරුවරයෙක් මගේ මෑත මතකයේ නැත.2007 වසරේ විද්‍යා පංතියත් සමගින් ඇරඹි මේ දරුවන්ගේ පෙම සාමන්‍ය පෙළ අවසන් වුවුද කෙළවරකට පැමිණියේ නැත.ඉන් අනතුරුවද කලින් පංතිවල සිටි අයද මේ දරුවන්ද සමගින් රොෂාන් සර් අධ්‍යාපන චාරිකාවල නිරතවිය.
2009 වසරේ වු රොෂාන් සර්ගේ උපන් දිනය මේ දරුකැල විසින් සංවිධානය කර තිබුනේ මගේ සොහොයුරාගේ වැඩනිම නොකළ නිවසේදිය. මේ දරුවන් සියල්ල එක්ව කෑම බිම සකසාගෙන සර්ගේ උපන් දිනය සැමරුහ.
පසුගිය වසරේ විවාහ ගිවිස ගන්නට සියල්ල සුදානම් කොට තිබියදි ඩෙංගු රෝගය වැළදිමෙන් මරණාසන්න තත්වයකට පත්ව මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබද්දි ඔහුෙගන් සිප් සතර හැදරු දරුවන් කොතරම් නම් දුකට පත්ව සිටියේද…..
මේ සියල්ල මා සටහන තබන්නේ ටියුෂන් සර්ලාගේ භූමිකාව අතික්‍රමණය කළ දරුවන් ට අධ්‍යාපනයද, අදාරයද දායද කළ හැටි ලකුණු කොට තබනු පිණිසය.
දෙපිට කැපෙන විහිළු කථා වලින් සිසුන් තමන් වෙත බදවා තබාගන්නට පොරකන ටියුෂන් සර්ලා අතර රොෂාන් සර් අළුත් සංස්කෘතියක් බිහිකළේය.
ඒ දරුවන්ට අසිමිත ලෙසින් ආදරය කරමිනි.
රොෂාන් සර් ගේ මළ ගෙදරට පැමිණි කරදඩු උස්වු පිරිමි දරුවන් මිනිය බදාගෙන අඩන්නේ කටපුරා පුතේ කියන්නට තමන්ට සිටි පියෙකු අහිමිව ගිය නිසා විය හැක.
ආදරය අහිමිව ගිය සාමාජයක ආදරය අසිමිතව බෙදා දුන් මිනිසෙකුගේ සමුගැන්ම අද සවස් යාමයේ සදා සනිටුහන් වන්නේ දරැවන්ට අසිමිතවු ආදරයක් අවැසි බවට වු හිඩැසක් මේ සමාජය තුල නිර්මාණය කොට තබමිනි.