දරුවන්ට ආදරය කරන්න ඉගෙන ගන්න- වෙන්නප්පුව පොලිසියෙන් පාඩමක් !

0
82
Chandana Fernando's photo.

චිත්‍රපටිවල ටෙලි නාට්‍යවල සිගරට් බොද්දි එහෙම නැත්නම් මත්පැන් භාවිතා කරන අවස්ථා යද්දි ඒක යටින් දානව එකේ අහිතකර තත්වය ගැන එත් අපරාධයක් ගැන අපචාරයක් ගැන මාද්‍ය මගින් ප්‍රචාරයක් දෙද්දි ඒ කිසිම අවවාද නැ ඒත් ඒ දේත් කොයි තරම් සමාජයට අහිතකර බලපැමක් කරනවද කියන එක අද වන විට අපේ බොහෝ මාද්‍ය අමතක කරමින් ඉන්න බව වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතා පැවසීය. බණ්ඩිරිප්පුව රජයේ පාසැලේ පැවති රටේ වර්ධනය වෙමින් පවතින් අපරාධ රැල්ල හා ළමා අපචාර සම්බන්ධයෙන් පාසැල් දරුවන්ගේ දෙමාපියන් දැනුවත් කිරිමේ වැඩ සටහනකට එක් වෙමින් ඒ මහතා එසේ කීය ,වැඩි දුරටත් අදහස් දැක් වු මූලස්ථාන පොලිස් ස්ථානාධිපති තුමා මෙසේද කීය ,එද වගේ නෙමෙයි අද වනවිට ලෝකය රට සමාජය ගොඩාක් ඉදිරියට ගිහින් තියෙනවා අද අපට යම් සිදුවීමක් වු වහාම එය රටම දැන ගන්නවා මොහොතකින් ඒක ඇත්තටම හොඳ දෙයක් එත් ඒ ප්‍රචාරක ක්‍රමවේදය තුල යම් ස්වයං වාරණයක් ඇති කරගන්න පුලුවන් නම් අපි හැමෝටම එකතු වෙලා රට සමාජය යහපත් තැනකට ගේන්න පුලුවන් වේවි. එමෙන්ම දෙමාපියන් වශයෙන් අද තමුන්නාන්සේලත් රැල්ලකට අහු වෙලා එස් එම් එස් ෆේස්බුක් වයිබර් ටෙලි නාට්‍ය තමයි අද ගෙවල් වල රජ වෙලා තියෙන්නේ ගෙදර අම්මටයි තාත්තටයි දරුවන්ටයි සේරටම ස්මාර්ට් ෆෝන් ,මේ වලින් කරන්න බැරි දෙයක් නැ ගෙදර හැමෝම ඒවා එක්ක එයාලාගේ ලෝක වල දරුවෝ එක්ක කතා බහක් නැ දෙමාපියෝ අතර කතා බහක් නැ දරුවන්ගේ ප්‍රශ්නයක් කියන්න අහන්න දෙමාපියන්ට වෙලාවක් නැ මේ තමයි සමාජය පිරිහෙන්න ප්‍රධාන හේතුව, ඊට පස්සේ මේ දරුවෝ හොයන් යනවා තමන්ට ඇහුම්කම් දෙන තමන්ට අදරය දක්වන පිරිස් හොයාගෙන ඒ දරුවෝ හොයන්නේ නැ ඒ කවුද ඒ කොයි වගේ පුද්ගලයොද කියලා එතනින් දරුවන්ට කරදරයක් වුනාට පස්සේ තමා දෙමාපියන්ට ඇස් ඇරෙන්නේ, මේ තත්වය තේරුම් ගන්න ඔනේ කරදරයක් වුනාට පස්සේ ඒකට දොස් කියනවට වඩා ඒක වලක්ව ගන්න අපි දැන ගන්න ඔනේ මේ දෙමාපියන් තමන්ගේ පාට ලෝකවලින් එළියට බැහැල ඇවිත් තමන්ගේ ජීවිත දිහා දරුවන්ගේ ජීවිත දිහා ඇස් හැරලා බලන්න ඔනේ නීතිය රකින පොලිස් නිළධාරින්ට මැදිහත් වෙන්න පුලුවන් සීමා තියෙනවා ඒ සීමාව තුල අපි වැඩ කරද්දි දෙමාපියන් ලෙස තමුන්ට ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ දරුවෝ ගැන තමන්ගේ වටපිටාව ගැන අවබෝධයෙන් ඉන්න දරුවන්ට පෙන්වන්න තමන් දරුවෝ ගැන අවදානෙන් ඉන්නේ කියලා දරුවන්ට ආදරය කරන්න වෙලාවක් හදාගන්න එයලත් එක්ක කතා කරන්න එතකොට අපට මේ ළමා අපචාර හා අපරාධ අඩු කර ගන්න පුලුවන් වේවි
චන්දන ප්‍රනාන්දු

Chandana Fernando's photo.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here