දරුවන්ට බෙදන්න තිබුන එජාප මන්ත්‍රිගේ පොත් නගාරික මන්ත්‍රි කපිල හොරෙන් උස්සලා ?

0
87

kapila 10එජාප නාගරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාගේ අභ්‍යාස පොත් කෝටාව ශ්‍රිලනිප නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන විසින් මීගමුව මහනගර සභාවේ ගබඩාවෙන් අදාල නිළධාරින්ට තර්ජනය කොට බලහත්කාරයෙන්ම රැගෙන ගොස් ඇතැයි වාර්ථා වේ.
මේ පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු දුන් එජාප නාගරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ දරුවන්ට බෙදාදිම සදහා තමන් වෙනුවෙන් වෙනකර තිබු රු ලක්ෂ 2 කක පොත් ප්‍රමාණය ශ්‍රිලනිප මන්ත්‍රි කපිල මන්ත්‍රිවරයා විසින් බලහත්කාරයෙන් රැගෙන යාම සම්බන්ධයෙන් මීගමුව පොලිසියට තමන් විසින් පැමිණිලි කරන්නටත් ආදල සියලු නෛතික ක්‍රියාමාර්ග ගැනිමටත් සුදානමින් සිටින බවය.
කපිල නන්ද සුලෝචන මන්ත්‍රිවරයා පසුගිය කාලය තුල මීගමුව නගර සභාවේ වැඩියෙන්ම පුවත් මැවු මන්ත්‍රිවරයා වි ඇත්තේ ඔහු විසින් සිදුකරන ලද අයථා ක්‍රියාවන් රැසක් සම්බන්ධයෙනි.
තතු එසේව තිබියදි කපිල මන්ත්‍රිවරයා විසින් තමන්ගේ මෙවැනි නිතිවිරෝධි ක්‍රියාවන් වසා ගෙන සිය ප්‍රතිරූපය තමන්ගේ  කොට්ටාශය තුල ප්‍රතිනිර්මාණය කරගැනිම සදහා පෙරියමුල්ල දේවස්ථානය මුල් කරගෙන සිදුකරනු ලැබ ඇති පළාත් පාලන නිතියට පටහැනි ක්‍රියා රැසක් ගැනද මේ වන විට මීගමුව තුල කථා බහ වන්නට පටන් ගෙන තිබේ.