දරුවන් අතුරුදන් කිරිම ගැන චෝදනා ලැබ සිටින හිටපු හමුදා ලොක්කාට තනතුරක් ?

0
154
wasantha karannagoda 546 1068x601 1

මේ රට දිනෙන් දිනම දේශපාලන අශිෂ්ඨත්වයේ සංකේතයක් බවට පත්වෙමින් තිබේ. ඒ කිසිදු හිරිකිතයකින් තොරව දැනටමත් සිදුකරමින් ඇති විවිධාකාර දේශපාලන පත්කිරිම් හේතුකොට ගෙනය.

සිවුරුක් දාගත් මැර චණ්ඩියෙකු සේ හැසිරෙන, අනික් ජාතින් හට හැම විට පරිභව කරමින් කතාකරන ඥානසාර භික්ෂුව එක රටක් එක නීතියක් ගොඩනැගිමට පත්කළ කොමිසමේ සභාපති කරද්දි , දරුවන් 11 දෙනෙකු කප්පම් ලබාගැනිම සදහා පැහැර ගත්තේ යැයි චෝදනා වට ලක්ව ඇති හිටපු නාවික හමුදාපතිට වයඹ පළාත් ආණ්ඩුකාර කම දිමට ජනපති කටයුතු කරිමින් සිටින මේ වන විටත් ඇතැම් මාධ්‍ය විසින් ඉගි පළකර තිබේ.

පිස්සන්ට හැතැක්ම නැති ගානට දැන් රටේ කටයුතු සිදුවෙමින් ඇති අයුරු ඉතා පැහැදිලිය.

ඒ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතාගේ අභාවයෙන් එම තනතුර පුරප්පාඩුවීම තිබිම හේතුවෙන් මේ කරන්නාගොඩ පත්කිරිමට නියමිත බව විවිධ මාධ්‍යයන් සිය පුවත් තුලින් සදහන් කරමින් තිබේ.

කෙසේ වෙතත් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට චෝදනා එල්ලවී තිබේ.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here