මේ වැඩේ දේශපාලනඥයන්ටවත්, නිලධාරීන්ටවත් තවත් කණ්ඩායමකටවත් එකතු වෙලා කරන්ඩ පුළුවන් එකක් නෙමෙයි,මිනිස්සු සියලු දෙනාම එකතුවෙලා තමන්ගේ ආකල්පමය වෙනසක් තුළින් කරන්ට ඕනෑයයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් (දිසාපති)ලලින්ද ගමගේ මහතා මීගමුවේදී 23 වෙනි දින පැවසීය,
ඒ මහතා එසේ පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් නිවාස 1178 ක් තෝරාගෙන සුපිරි නිවහනක් (smart home ) නමින් ආරම්භ කර ඇති වැඩසටහනක් පිළිබඳව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත සීයලුම නිලධාරින් දැනුවත් කිරීමට කරුණු දක්වමින්ය,
තවදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා මෙසේ සඳහන් කළේය අපි මේ ක්‍රමය හදලා තියෙන්නේ දැනට ජීවත්වන පරම්පරාවට වඩා විශේෂයෙන් ඊළඟ පරම්පරාවේ ආකල්ප වෙනස් කිරීමටයි, අලුත් පත්වීම් ලබපු ග්‍රාම නිලධාරීන් 184ක් ද මම මේ පිළිබඳව දැනුවත් කළා,ගමේ එක ගෙයක් තෝරාගෙන එහි දරුවන්ගේ ආකල්ප වෙනස් කළ යුතු බව කියා දුන්නා,රටේ පවතින නීතියට ගරු කරන්ඩ තමාගේ ගෙවත්ත හදාගන්න,පිරිසිදු කරගන්ඩ,පෝෂණය ලබාගන්නා හැටි කියලා දෙන්න,තමාගේ ආරක්ෂාව පවත්වාගෙන යාමට දැනුවත් කිරීමට,දරුවන් සූදානම් කළ යුතු යැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය,කිසිම අවස්ථාවක දරුවන් ඉදිරියේ කිසිම ආගමක් ජාතියක් පහත් කර සලකන්ට කතා කිරීම නොකළ යුතුයි,දරුවන් ඉදිරියේ අධිකරණයට ,පොලිසියට,පාර්ලිමේන්තුවට ,රජයේ නිලධාරීන්ට,මුළු රටේම අයට බැන්නම ඒවාට සවන් දෙන අපේ ළමයින්ගෙන් අවුරුදු 15 ව 16ය වන විට නිර්මාණය වන්නේ රටට වෛර කරන දරුවන්,නීතිය නොදැන තමන් නීතිය අතට ගන්නා දරුවන්,හැම තැනම අද අඩුපාඩු තියෙනවා,පොලිසියේ තියෙනවා,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබෙනවා ,සමාජයේ සෑම තැනකම තියෙනවා,මේ හැම තැනම තිබෙන අඩුපාඩු ගැන දෙමව්පියන් හැම තිස්සෙම විවේචනය කරමින් සිටිනවා නම් දරුවන්ගේ ආකල්ප හදන්නට බැහැ, අපි ආරම්භ කර ඇති සුපිරි නිවසක් යන ආකල්පය යටතේ කරුණු පහළොවක් ඇතුළත් කර තිබෙනවා,මෙම කරුණු පහළොව ක්‍රියාවක නගලා දරුවන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට පුළුවන්,
විවිධ දේවල් වලට ඇබ්බැහි වූ පුද්ගලයන් විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට,ෆෝන් එකට,ඇබ්බැහි වීමෙන් සිදුවී තිබෙන මානසික ආතතියෙන් දරුවන් වෙනස් කරන්න මේ වැඩසටහනේ කරුණු තිබෙනවා,අනිත් මිනිස්සුන්ගේ දුක දකින්න පුළුවන් මිනිසෙක් නිර්මාණය කිරීමට අවශ්‍ය ආකල්පමය වෙනසක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණයි,අධ්‍යාපනය තුළින් පමණක් පූර්ණ මිනිසෙක් බිහිවන්නේ නෑ,මෘදු ගුණාංග හෙවත් සහ කල්පනය නැත්නම් දරුවෙකුට මොනවා තිබිලත් වැඩක් නැහැ,ඉංජිනේරුවෙක්,දිසාපති කෙනෙක්,ප්‍රාදේශීය ලේකම් කෙනෙක් ,රටේ බලසම්පන්න පුද්ගලයෙක්,වුනාට වැඩක් නෑ අනුන්ගේ දුක තේරෙන්නේ නැත්නම්,එහෙම නැතුව ගියොත් සමාජයට බිහිවන්නේ යාන්ත්‍රික ළමයෙක්,ඔහු නිවසට මෙන්ම සමාජයට වැඩක් නැහැ,ඔහු නීතියට ගරු නොකරන,සමාජයට බිය නොවන පුද්ගලයෙක් වෙනවා,ඉදිරියේදී මෙම වැඩසටහන පිළිබඳව ගම්පහ දිස්ත්‍රික්කය තුළ තිබෙන සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්ෂේත්‍ර නිලධාරීන් ගෙන්වා දැනුවත් කිරීමේ වැඩසටහනක් කරන බවද දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා සඳහන් කළේය.මෙම අවස්ථාවට මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියගේ උපදෙස් පරිදි සංවිධානය කර තිබුණි.
රේමන් අපෝන්සු මීගමුව