දරුවන් වෙනුවෙන් ගුරුවරු

0
296

මීගමුව/ වැලිහේන කතෝලික දමිළ විද්‍යාලයේ ගුරුමණ්ඩලය විසින් ලෝක ළමා දිනයත් ගුරු දිනයත් සැමරීම වෙනුවෙන් විශේෂ  වැඩසටහන් අද (ඔක් 05) කීපයක් පාසලේ ශිෂ්‍යාවන්ට සංවිධානය කර තිබුණි. මෙම පාසලේ ගුරු මණ්ඩලය හා විදුහල්පතිවරයා එක්ව පාසලේ ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙම වැඩසටහන් සංවිධානය කර තිබුණේ ගුරු මණ්ඩලයේම වියදමින් සහ ශ්‍රමයෙන් වන අතර ඊට හේතුව මෙම විදුහලේ අධ්‍යාපනය ලබන්නේ දෙමාපියන් නොමැති දරුවන් වීමයි. ජනප්‍රිය පාසල් වල සිදුවන අන්දමට පාසල් දරුවන්ගෙන් මුදල් එකතු කර එම දරුවන්ටම තෑගී ලබාදීමේ පිළිවෙත් වෙනුවට මෙම පාසලේ ගුරු මණ්ඩලය විසින් තමන්ගේම ඉදිරිපත්වීමෙන් දරුවන් වෙනුවෙන් මෙවැනි උත්සවයක් සංවිධානය කර තිබුණි. සමාජයේ අනෙක් කොටස් වෙතින් ලැබිය යුතු උපකාර,පරිත්‍යාග තවමත් මෙම පාසලට නොලැබෙන තත්ත්වයක් යටතේ ගුරු මණ්ඩලයේ මෙම උත්සාහය අගය කළ යුතුය.එමෙන්ම මෙම පාසල නඟා සිටුවීම වෙනුවෙන් මෙම ප්‍රෙද්ශයේ සිටින ඇති හැකි අයගේ අවධානය යොමුවනවා නම් එය මේ පාසලේ  ශිෂ්‍යාවන්ගේ අනාගතය වඩාත් යහපත් කරවීමට දායක වනු ඇත. පහත ඡායාරූප වලින් දැක්වෙන් අද පාසලේ සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවන්ට එහි ශිෂ්‍යාවන් සහ ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරයා සහභාගී වී සිටි අවස්ථායි.10 3 5 7 8 9 10 13 12 ch1 151114 7