කුඩා සූපවේදීන් ලෙසින් සැරසී අති දක්ෂ සූපවේදීන් 6 දෙනෙකුගේ උපදෙස් මත මෙම දරුවන් මෙකී කාර්යට දායක විය . මෙය වෙනස්ම අත්දැකීමකි.
ප්‍රවීන සූපවේදී පිලිප් බණ්ඩාර සහ සහායක සූපවේදී රාමන් යන මහත්වරුන් මෙම වැඩ සටහන සාර්ථකව මෙහෙයවන ලදී . බටර් කේක් , බටර් අයිසින් කේක් , චොකලට් අයිසින් කේක් යන වර්ග තුන හදාගැනීමට අවශ්‍ය දැනුම මෙහිදී සරලව ලබාදුනි. මේ සඳහා වසර 5ත් 12 ත් අතර දරුවන් තෝරාගෙන තිබින මෙම අවස්ථාව ගැන සූපවේදීන් , කාර්යමණ්ඩලය සහ දෙමව්පියන්ගේ අදහස් ඉදිරිපත් වූ අතර ඔවුන් ප්‍රකාශකළේ මෙවැනි වැඩසටහන් වෙන තැනකින් නොලැබෙන බවත් , ඒනිසා මෙය දරුවන්ට කදිම අවස්ථාවක් බවයි.
මේ සඳහා කලමනාකරණ අධ්‍යක්ෂක රොෂාන් ද සිල්වා මහතා , අලෙවි කලමනාකරු වන ටෙරන්ස් පෙඩ්රික් මහතා ,සාමාන්‍යාධිකාරී ජයතිස්ස සිල්වා මහතා ,මානව සම්පත් විධායිකා චාමිණී මධුෂිකා ඇතුළු කාර්යමණ්ඩලයේ සියළු දෙනා මහත් කැපකිරීමකින් කටයුතු කරන ලදී .