දරුවන් සමගින් එක් සැමරූ තවත් ගුරු දිනයක්…

0
93

දරුවන් දින සැමරුම් ගැන මේ දිනවල වැඩි කථා බහක් මතුව තිබුනේ මිගමුව කදිරාන පාසැලේ දරුවන් සමගින් එහි ගුරුවරියන් ඉදිරිපත් කර තිබුන නැටුමක් හේතුවෙනි.
එහිදි වාදනය කළ ගිතය ගැන අවුලක් තිබුන ඇතැම් බලධාරින් මතු කර තිබුන අතර එයට එරෙහිව පුලුල් සංවාදයක් සමාජ මාධ්‍ය තුලද මතුවිය.

එහෙත් ඒ තරම් කථා බහට ලක්නොවුනද මිගමුවේ දුප්පත් අඩුපහසුකම් මැද අධ්‍යාපනය ලබන දරුවන් සිටින පාසැල් වලද ඔවුන්ට හැකි අයුරින් ගුරු දිනය සැමරිමට ඒ පාසැල් වල විදුහල්පතිවරුන් සහ ගුරු කාර්ය මන්ඩල කටයුතු කර තිබුණි.

මේ අතර වැලිහේන කතෝලික දමිළ පාසැල සුවිශේෂි වන්නේ බොහෝ දෙනෙකු විසින් කොන්කරන්නට හැදුවද එහි විදුහල්පතිවරයාගේ උනන්දුව මත ඒ පාසැල් ඉහලට ඔසවා තබන්නට නිරන්තරයෙන්ම කටයුතු කරමින් තිබුන නිසාවෙනි .

ඇති හැකි අය යන ලොකු පාසැල් වල දරුවන්ට මෙන්ම නැති වුවද  , ඇති හැකි අයුරින් මේ පාසැලේ දරුවන්ටද ගුරු දිනය සතුටින් සමරන්නට වැඩපිළිවෙලක් විදුල්පතිවරයා විසින් සංවිධානය  කර තිබුණි