දරුවෙකු අපයෝජනය කළ ග්‍රාම නිලධාරී යුවළ යළිත් රිමාන්ඩ්

0
104

කරාතේ සටන් කලාව ප්‍රගුණ කිරීම සඳහා කරාතේ පංතියක් වෙත පැමිණි 14 හැවිරිදි සිසුවකු ලිංගික ක්‍රියාවලියකට යොමු කොට සිසුවාගේ සිත සටන් කලාවෙන් ඉවත් කොට කාම කලාවට යොමු කළ බව කියන සිද්ධියක් මීගමුවෙන් පුසගිය දිනක වාර්ථා විය.

47 හැවිරිදි අවිවාහක ග්‍රාම නිලධාරිනියකට සහ කළුපටි ධාරි 49 හැවිරිදි විවාහක ග්‍රාම නිලධාරිවරයකු  මෙම 14 හැවිරිදි සිසුවාව වසර 2 ක් තිස්සේ වෙන වෙනම පැමිණ සැලසුම් සහගතව අපයෝජනය කර තිබුණ ද පසුව කෙසේ හෝ මෙය හෙළිවිය.
සිද්ධියට අදාළ ග්‍රාම නිලධාරි යුවළ කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්‍රාම නිලධාරීන්ය. ඔවුන් සීදුව මුතුවාඩිය සහ කසගහවත්ත යන ප්‍රදේශවල පදිංචි කරුවෝ වෙති.

සිසුවාගේ දෙමාපියන් එම අපචාර ක්‍රියාව පිළිබඳව ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි කොට තිබේ. ඒ අනුව ඔවුන් සීදුව පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළ මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් තිලකරත්න බණ්ඩාර මහතා එම ග්‍රාම නිලධාරි යුවළ මැයි මස 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පසුගිය 9 වැනිදා නියෝග කළේය.