“දරු ප්‍රසූතියකදී සහභාගී විය හැක්කේ කාන්තා වෛද්‍යවරියන්ට පමණයි.” – මැලේසියානු රජයෙන් තීරණයක්

0
74

1153402-3x2-940x627

වසර සිය ගණනක් තිස්සේ ලොව පුරා පිලිගත් හා ක්‍රියාත්මක වූ ක්‍රිියාපිලිවෙලක් වෙනස් කිරීමට මැලේසියාණු රජය සූදානම් වෙමින් සිටින බව වාර්තා වෙනවා. ඒඑරට ජීවත් වන 6880 කගේ හිත සුව පිණිස බවයි ඔවුන් පවසන්නේ.ඒ නිසාම මේ වන විට ලොව මෙතෙක් කිසිදු රටක ක්‍රියාත්මක නොවන මෙවැනි නීතියක් ගෙන ඒමට මැලේසියානු රජයේ මේ උත්සඅක වීම එරට ජනතාවගේ දැඩි විවේචනයට ලක්වී තිබෙනවා.මෙයට විරෝධය දක්වන්නවුන් පවසන්නේ ඒසේනම් පිරිමි පුද්ගලයෙකුට ප්‍රජනන ක්‍රියාවලියේදීද සම්බන්ද විය නොහැකි ලෙසටද නීතියක් ගෙන එන ලෙසයි. එලෙසම වැඩි දුරටත් අදහස් දක්වමින් ඔවුන් පවසන්නේ මෙම තීරණයේ තවත් දිගුවක් ලෙස නුදුරේදීම මුස්ලිම් රෝගීන් වෙනුවෙන් මුස්ලිම් වෛද්‍යවරු පමණක් සේවය කල යුතුයි කියා නීතියක්ද ලගදීම පැමිණෙනු ඇති බවයි.

මෙම තීරණයට විරෝඹය දක්වමින් පලවූ අදහස් කිහිපයක් පහතින් දක්වා ඇත.

  • සියළු දෙනාටම බලපාන මෙවැනි මෝඩ තීරණ ගෙන ඒමෙන් වලකින්න. අනෙක් සෑම කාන්තාවකටම මෙන්ම එම තීරණය ගැනීමේ අයිතිය මුස්ලිම් කාන්තාවකටත් තිබිය යුතුයි.එයට රජය මැදිහත් වන්නේ කුමකටද???
  • දරු ප්‍රසූතියේදී වැදලත් වන්නේ එයට සහභාගී න වෛද්‍යවරයාගේ දක්ෂතාවය හා වෘතීමයභාවයයි. කාන්තා හෙදියක් හා වින්නඹු කාන්තාවක් සිටීම පමණක් ප්‍රමාණවත්.අවශ්‍යනම් ඇයගේ ස්වාමිපුරුෂයාටත් සිටියහැකියි.(නමුත් එය මාගේ අදහස්ක් පමණයි.)
  • මෙය ඉතාමත් හාස්‍යජනක තීරණයක්. මුස්ලිම් කාන්තාවකට ප්‍රතිකාර කල හැක්කේ කාන්තා වෛද්‍යවරියකට පමණක් නම් රජයේ රෝහල් වල මුස්ලිම් කාන්තාවන්ගෙන් පිරුණු දිගු පෝලිම් දැකගන්න අපිට පුළුවන් වේවි.මුස්ලිම් නොවන පිරිස් වෙත ඇති පෝලිම් තිබුනාටත් වඩා කෙටි වේවි.
  • එසේනම් ඔබ සිතන්නේ ප්‍රසව හා නාරිවේද වෛදයවරුන් ප්‍රසූති කාර්‍යයේදී ප්‍රසූතිය සිදුකරන කාන්තාවගෙන් වින්දනයක් ලබනවා කියාද??? සෑම දෙයක්ම ලිංගිකත්ය අනුව වර්ගකිරීමට පෙළඹීම නවත්වන්න.

මේ ආකාරයෙන් වන විශාල විරෝධයක් මේ ීරණයට මේ වන විට මැලේසියා තුලින්ම එල්ලවී හාමාරයි. ඔවුන් පවස්නේ මේ තීරණයට පක්ෂව පෙත්සමකට අතසන් තබා ඇති 6880 දෙනාට තමන්ගේ බිරින්දෑරුන් වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක් වන රෝහලක් පොදු ජනතාවගේ බදු වලින් තොරව  තමන්ගේම මුදලින් නඩත්තු කරගෙන යන ලෙසත් ඔවුන් අභියෝග කර තිබෙනවා.

 

http://www.malaysiakini.com ඇසුරිණී.