දලයි ලාමාගේ ‘Unsung Hero Award’ දිනාගත් ටිමෝරයේ සමාජ ක්‍රියාකරිනියගේ කථාව..

0
145

නනන

1975දී ටිමෝරය ඉන්දුනීසියානු හමුදාව යටතට පත්වන විට “බෙල්ලා ගල්හොස්” 3 හැවිරිදි දැරියකි. ඉන්දුනීසියානු හමුදාවේ අමානුෂික පාලනය යටතේ  ඇයගේ කුඩු අවධියේදීම ඇයගේ පවුලේ උදවිය ඝාතනය කරනු දුටු අතර ඇයගේ මවගේ දැඩි අකමැත්ත මත ඇයගේ පියා විසින් ඇයව ඉන්දුනීසියානු හමුදා පවුලකට විකිණීය. ඇයගේ ළමා කාලය තුල ඇයගේ පියා විසින් ඇයව හා ඇයගේ මව දැඩි ලෙස පීඩනයට ලක්කර අතර පියා දෙවන විවාහයක් සිදුකර ගැනීමත් සමග ඇයට හා මවට විදීමට සිදුවූ පීඩනය වැඩි විය.

කෙසේ හෝ ඇය 16 හැවිරිදි විය පසුකර පසු ඉන්දුනීසියානු හමුදාව විසින් ඇයව කැනඩාවට පිටත් කල අතර නැවතත් වසර 1999දී තම මව් රටවන ටිමෝරයට පැමිණියාය.එසේ පැමිණීමෙන් පසු ජනාධිපති මැදුරේ උපදේශිකාවක් වශයෙන් කටයුතු කිරීමේ අවස්ථාව ඇයට හිමිවිය.

ඇය කාන්තාවන්ට හා දරුවන්ට විදීමට සිදුවන හිරිහැර පිලිබදව ප්‍රසිද්ධියේ කතාබහකල අතර කාන්තාවන්ගේ හා දරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්දයෙන් පෙනීසිටියාය. ටිමෝරය තුල පැවැති සංස්කෘතික රාමුව තුල කාන්තාවන් සැම විටම නිහඩ පිලිවෙතක් අනුගමනය කල අතර  මන්ට සිදුවන හිරිහැර පිලිබදව ප්‍රසිද්ධියේ කතා කිරීඹ තම පවුලට සිදුකරන අවමානයක් ලෙස එරට කාන්තාවන් සැලකීය. නමුත් බෙල්ලා විසින් ඒ සියල්ල වෙනස් තර අතර සමාජයෙන් මෙන්ම තම පවුලෙන්ද කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන හිරිහැර හා අතවරයන් පිලිබදව කථා කිරීමට හා පෙනී සිටීමට ඇය විසින් කාන්තාවන් දිරිමත් කරවීය.

පසුව ඇය ටිමෝරයේ අගනුවර වන දිලී සිට පැය 4ක් පමණ දුරින් පිහිටි මවුබෙසී නම් ග්‍රාමයේ හරිත පාලසක් නිර්මාණය කරවීය. ස්ට්‍රෝබෙරි යායක් මෙන්ම මල් වලින් පිරුණු මල් යායකින්ද එම පාසල වටවී තිබිණි. ඇය නිතරම පැවසුවේ ඇයගේ මව සිහිවීම පිණිස ඇය විසින් මේ පාසල ආරම්භ කල බවයි. හොද යැයි මිනිසුන් විසින් පවසන දේවල් කාර්යාලයකදී පමණක් නොව මෙවරනි පරිසරයකදීත් කල හැකි බව තමන්ගේ තරුණ සිසුන්ට පෙන්වීම තමන්ගේ අරමුණ බවත් ඈ සදහන් කරන්නීය.

මේ වන විට වසර 7 – 12 අතර දරුවන් 400ක් පමණ ඇයගේ පාසලෙන් ඉගැනුම ලබන අතර අධ්‍යාපනයට අමතරව පරිසරයට ආදරය කිරීම,මිනිසුන්ට ආදරය කිරීම, හිරිහැර නොකිරීම වැනි පාඩම්ද ඇයගේ පාසලෙන් උගත හැකිය. මේ වන විට ටිමෝරයේ දෛනික පරිභෝජනය සදහා අවශ්‍ය දේ පිටරටවල් වලින් ආනයනය කරත් මව්බෙසී නගරයට අවශ්‍යදේවල් මේ වන විට තම අසල්වාසීන්ගේද උදව් ඇතිව තම ග්‍රාමයේම නිෂ්පාදනය කරගැනීමට ඇය සමත්වී ඇත.

ඉැකක්

ඩබල්ලාමේ දලයි ලාමාගේ ‘Unsung Hero Award’ සම්මානය දිනාගත් ටිමොරයේ සමාජ ක්‍රියාකාරිනියක් වන බෙල්ලා ගල්හොස්ගේ කථාවයි. ඇයට මෙම සම්මානය හිමිවන්නේ ඇයගේ මේ විශිෂ්ඨ ක්‍රියාකාරීත්වයත් සමග බවයි ඇය පිලිබද අදහස් දක්වන සැමගේ අදහස වී ඇත්තේ.

 

 

http://kbr.id ඇසුරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here